Lanka Net Gossip

කටාන පොලිස් අභ්‍යාස විද්‍යාලය අසළ ලොරි රථයක යතුරුපැදියක් ගැටීමෙන් පොලීසියේ දෙදෙනෙක් මරුට

Loading...

කටාන පොලිස් අභ්‍යාස විද්‍යාලය අසළ ලොරි රථයක යතුරුපැදියක් ගැටීමෙන් එහි ගමන්ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 අනතුරෙන් යතුරුපැදියේ ගමන්ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවත්,කටාන පොලීසියට අනුයුක්තව සේවය කළ 27 හැවිරිදි සහ 46 හැවිරිදි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු බවත් සඳහන්ය.

 ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරිමට නියමිතය.

 කටාන පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
Loading...

No comments:

Powered by Blogger.