අකුසලයක්..පවක්.. සිංහල ජාතියටත් ගැලපෙන්නේ නැහැ – ‘යුධ හමුදාව ස්ත්‍රී දූෂණ කළා යැයි‘ කියන කතාවක් ගැන යුරේනි හඬ අවදි කරයි
Loading...
ශ්‍රී ලංකා යුධ හමුදාව කිසි විටක ස්ත්‍රී දූෂණ කළායි තමා පවසා නැති
බව ජනප්‍රිය නිළියක නිවේදිකාවක මෙන්ම ගායිකාවක ද වන යුරේනි නොෂිකා පවසනවා.
ඇය මේ බව පවසා සිටියේ සිය ෆේස්බුක් පිටුව ඔස්සේ වීඩියෝවක් පලකරමින්.
මෙහිදී ඇය පැවසුවේ මීට වසර දෙකකට පමණ පෙර තමා ජාතික පුවත්පතකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් මේ දිනවල විවිධ වෙබ් අඩවි මෙන්ම සමාජා ජාලා වෙබ් අඩවි ඔස්සේ විකෘති කර ප්‍රචාරය කරන බවයි.
තමා එම සම්මුඛ සාකච්ඡාවේදී පැවසුවේ යුද්ධයක් පවතින කාලයේ හා ඉන්පසුව විවිධ ක්‍රියාකරකම් සිදුවන බවත්,එම ක්‍රියාකරකම් වල නිරත වන්නේ මිනිසුන් බවත්,ඒවා කළේ දෙවිවරු නොවන බවත් ඔවුන් අතින් පොදු වැරදි සිදුවන බවත් රජය විසින් එම වැරදි වලට ක්‍රියාමාර්ග ගත යුතු බව යැයි ඇය සඳහන් කළා.
එසේත් නොමැතිව හමුදාව ස්ත්‍රී දූෂණ කළායි තමා කිසිවිටක චෝදනා කොට නැති බව ඇය පවසනවා.
ඇතැම් උදවිය ජනප්‍රිය වීම සඳහාත් ඇතැමුන් ‘ආතල්‘ එකක් ගැනීමටත් මිනිසුන්ට මඩ ගැසීමට පුරුදුව සිටින බවයි ඇය පැවසුවේ.
එමෙන්ම තමා කතෝලිකයෙකු ලෙස බුදුදහම කෙරෙහි විශාල ගෞරවයක් ඇති බවත්,මෙවැනි ක්‍රියා අකුසල කර්මයන් බවත්, ශ්‍රේෂ්ඨ ජාතියක පුරවැසියන් ලෙස මෙසේ මිනිසුන්ට පරිභව කිරීම නොගැළපෙන බවත් ඇය මෙහිදී සඳහන් කළා.
කිසියම් චෝදනාවක් කිරීමට පෙර නිසිලෙස එය විමසා බලා සිටින ලෙසද ඇය ඉල්ලීමක් කළා.

No comments: