Lanka Net Gossip

අලි එළැවීමට මී මැසි හමුදා

Loading...

අලි එළැවීමට මී මැසි හමුදා

ඉඩම් වට කොට මීමැසි හමුදා
Image captionඉඩම් වට කොට මීමැසි හමුදා
තායිලන්තයේ ගොවීහු තම වගා පාළු කරන අලි ඇතුන් පළවා හැරීම සඳහා මීමැස්සන් යොදා ගැනීමේ අපූරු පුවතක් වාර්තා වෙයි.
සිය වගාබිම් වලට වන අලි ඇතුන් ඇතුල් වීම වළක්වා ගැනීමට තායි ගොවීන්ද ශ්‍රී ලංකාවේ මෙන් විදුලි වැට සහ රතිඤ්ඤ ආදිය උපයෝගී කර ගනු ලබන නමුත් එය අසාර්ථක වීමත් සමඟයි මී මැස්සන් දෙසට යොමු වී තිබෙන්නේ.
නැගෙනහිර තායිලන්තයේ 'චන්තබුරි' (Chanthaburi) පළාතේයි අලි ඇතුන් පළවා හැරීමේ මීමැසි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ.
වගා බිම් වට කොට මී මැසි පොදි සහිත කඹ ඇටවීම තායි ගොවීන්ගේ උපක්‍රමයයි.
එම කඹ හරහා වගා බිමකට ඇතුල් වීමට අලියකු උත්සාහ කළහොත් ඒ සමඟ ඇවිස්සෙන මී මැස්සන්ගේ ගුමු ගුමු නාදය හමුවේ අලින් පසු බසින බවයි තායිලන්ත ගොවීන් පවසන්නේ.
වගා බිම් සොයා යන තායි අලි රංචුවක්
Image captionවගා බිම් සොයා යන තායි අලි රංචුවක්
අලි එළැවීමේ මෙම මීමැසි උපක්‍රමය අප්‍රිකානු රටවල වසර ගණනාවක් තිස්සේ භාවිතයට ගැනෙයි.
Loading...

No comments:

Powered by Blogger.