Lanka Net Gossip

බිරිඳට වෙඩි තැබූ ලූතිනන් කර්නල්ගේ වැඩ තහනම්

Loading...

මාළඹේ - ඉසුරුපුර ප්‍රදේශයේදී සිය බිරිඳට වෙඩි තැබූ බවට චෝදනා එල්ල වූ යුද හමුදාවේ ලූතිනන් කර්නල්වරයාගේ සේවය අත්හිටුවා තිබෙනවා.

යුද හමුදා මුලස්ථානය  නිවේදනයක්  නිකුත්  කරමින් කියා සිටියේ යුද හමුදාපතිවරයාගේ උපදෙස් පරිදි මෙම සේවය අත්හිටුවීම සිදුකර ඇති අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ උසාවියක් කැඳවීමටද නියෝග කර ඇති බවයි.

නිවසේ දරුවන් සමග සිටි තම බිරිඳට සැකකරු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ පසුගිය 27 වනදා රාත්‍රියේයි.

කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේ ආරක්ෂක කටයුතු භාරව සේවය කරන ඔහු රාජකාරිය අතරතුර සිය මෝටර් රථයෙන් පැමිණ නිල ඇඳුම මෝටර් රථය තුළදී ගලවා කළුපැහැති වෙනත් ඇඳුමක් හැඳගෙනයි වෙඩි තැබීම සිදුකර ඇත්තේ.

අනතුරුව සිය මෝටර් රථයෙන් යළි රාජකාරියට වාර්තා කිරීම සඳහා පැමිණෙන අතරතුර වෙඩි තැබීමට භාවිතා කළ මිලිමීටර 9 වර්ගයේ ගිනි අවිය දියවන්නා ඔයට විසිකර තිබියදී පෙරේදා සොයාගත්තා.

කෙසේ වෙතත් සැකකාර ලූතිනන් කර්නල්වරයා ඊයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන  9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.  

(under the courtesy of hirunews news web)
Loading...

No comments:

Powered by Blogger.