Lanka Net Gossip

ස්වභාවික අමුද්‍රව්‍යයන් දෙකක් පමණක් යොදාගෙන සාදාගන්නා ජෙල් එකක් මගින් ඔබේ මුහුණේ ඇති ලප කැළැල් ඉවත් කරගන්න පුළුවන් කියල කිව්වොත් ඔබ විශ්වාස කරනවද?

Loading...

කුරුලෑ ලප කැළැල්, අව්වට පිළිස්සුනු ලප, සම ඇදීම නිසා ඇතිවුණු කැළැල්, වයස්ගත වීමත් සමග ඇතිවන කැළැල්, Psoriasis කැළැල් ආදී නොයෙක් ලප කැළැල් වලින් ඔබේ මුහුණ අවලස්සන වෙලා කියල ඔබට දැනෙනවද?…..
ස්වභාවික අමුද්‍රව්‍යයන් දෙකක් පමණක් යොදාගෙන සාදාගන්නා ජෙල් එකක් මගින් ඔබේ මුහුණේ ඇති ලප කැළැල් ඉවත් කරගන්න පුළුවන් කියල කිව්වොත් ඔබ විශ්වාස කරනවද?…. ඔව් !!! …. ලේසියෙන් හොයාගන්න පුළුවන් කෝමාරිකා සහ පොල්තෙල්වලට පුළුවන් ඔබේ මුහුණට අලුත් එළියක් ලබාදෙන්න. ඔබත් ඔබේ මුහුණේ කැළැල් නැතිකරගන්න ප්‍රතිකාරය දැන්ම පටන්ගන්න.
සමේ පවතින ගොඩක් ගැටලුවලට ස්වාභාවිකවම විසඳුම් ලබාදෙන්න පුළුවන් අමුද්‍රව්‍ය දෙකක් තමයි කෝමාරිකා සහ පොල්තෙල් කියන්නේ. එක විද්‍යානුකූලව පරීක්ෂණ පවත්වලා තහවුරු කරගෙන තියනවා. සමේ රෝග ලෙස හඳුන්වන එක්සිමා තත්වය, psoriasis තත්වය, ඇඟේ ඇතිවන පළු, ඇඟ කැසීම සහ සම වියළීම වැනි තත්වයන්ට පිළියමක් ලෙස භාවිත කරන මෙම අමුද්‍රව්‍ය දෙක ඉතාම හොඳ ඖෂධ ගුණයකින් යුක්තයි. මේ නිසාම කෝමාරිකා මෙන්ම පොල්තෙලුත් සමට ප්‍රතිකාර කරන ද්‍රව්‍යයන්ට මෙන්ම රූපලාවන්‍ය නිෂ්පාදනවලටත් වාණිජමය වශයෙන් බහුලව යොදාගන්නවා. මෙම අමුද්‍රව්‍ය දෙක වෙන වෙනම භාවිත කිරීම වුවද කළ හැකි වුවත් මිශ්‍ර කර භාවිත කිරීමෙන්  වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි.
ඔබේ මුහුණේ ලප කැළැල් ඉවත්කිරීම සඳහා යොදාගන්නා ඉතාම වටිනා මිශ්‍රණය සාදා ගැනීමට ඔබට කෝමාරිකා මදය හෙවත් ජෙල් එක වෙන්කර ගැනීම අවශ්‍ය වෙනවා. මේ සඳහා භාවිත කළ යුත්තේ කෝමාරිකා යුෂය නොව කෝමාරිකා ජෙල් එකයි. එයට හේතුව වන්නේ තෙල් සහ දියර එකිනෙක මිශ්‍ර නොවීමයි. කෝමාරිකා යුෂය යොදාගත්තොත් පොල් තෙල් ටික මිශ්‍ර නොවී තියේවි. එමෙන්ම මේ සඳහා ඉතාම හොඳ තත්වයේ , පිරිසිදු නොකරන ලද පොල්තෙල් භාවිත කළ යුතුයි.


කෝමාරිකාවල ඇති සෞඛ්‍යමය වැදගත්කම :

  • සාමාන්‍ය පිළිස්සුම් තුවාල සහ හිරු එළිය නිසා සිදු වූ පිළිස්සුම් සඳහා ඉතාම හොඳ ප්‍රතිකාරයක් ලෙස කෝමාරිකා හඳුන්වන්න පුළුවන්.
  • සමේ ඇතිවන කැසීම් තත්වයන් සහ පලු දැමීම් වලට ඉතාම හොඳ අත්බෙහෙත වන්නේ කෝමාරිකායි.
  • කුරුලෑ, කුරුලෑ නිසා ඇතිවන ලප සහ කැළැල්, සම දීම නිසා ඇතිවන සලකුණු, වයස්ගතවීම නිසා ඇතිවන ලප ආදිය ඉවත්කිරීමට ඉතාම සුදුසුයි.
  • කෝමාරිකා වලින් සමට සත්කාරයක් ලැබෙන අතර සමට අවශ්‍ය තෙතමනය ලබාදීම සිදු කරයි. එමෙන්ම සමට නිරෝගී සහ තරුණ පෙනුමක් ද මෙමගින් ලබාදෙනවා.


 පොල්තෙල්වල ඇති සෞඛ්‍යමය වැදගත්කම :

  • ස්වභාවික මොයිස්චරයිසරයක් ලෙස ක්‍රියා කරයි.
  • සම වියපත්වීම අඩු කරයි.
  • වියළි සමට ඉතාම හොඳ ප්‍රතිඵල ලබා දෙනවා.
  • දිලීර සහ බැක්ටීරියාවලින් සමට සිදුවන හානි වැලැක්වීමට පොල්තෙල්වලට හැකියාව තියනවා. මෙමගින් එක්සිමා, Psoriasis, සමේ ඇතිවන පලු වැනි තත්වයන් ඇතිවීම වැළකෙනවා.
  • makeup රිමුවර් එකක් ලෙස ක්‍රියා කරනවා.
  • සම්බාහනය කිරීම සඳහා බහුලව යොදාගන්නා තෙල් වර්ගයකි.
  • කොණ්ඩයට සත්කාර කිරීම සඳහා ද බහුලව යොදාගැනේ.


මිශ්‍රණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය :

  • නොඉඳුල් පොල්ය්හෙල් කෝප්ප ½ ක්.
  • පිරිසිදු කෝමාරිකා ජෙල් හෙවත් කෝමාරිකා මද කෝප්ප 1/3 ක්.
  • ඔබ කැමති නම් අමතර තෙල් වර්ගයක් හෝ කිහිපයකින් බින්දු කිහිපයක් ( ලැවැන්ඩර් ඔයිල්, ජෙස්මින් ඔයිල්, රෝස් ඔයිල්, වැනිලා ඔයිල් වැනි තෙල් වර්ග මේ සඳහා සුදුසුය.)


මිශ්‍රණය සකස් කරගන්නා ආකාරය :

  1. කුඩා භාජනයක් ගෙන එයට කෝමාරිකා සහ පොල්තෙල් දමා ඉලෙක්ට්‍රික් මික්ෂරයකින් විනාඩි 5 – 10 අතර කාලයක් හොඳින් මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණය සැහැල්ලු සහ ඒකාකාරී ස්වභාවයක් ගන්නා තුරු මිශ්‍ර කරන්න.
  2. ඔබ කැමති අමතර තෙල්වර්ග පවතිනවා නම් ඒවාද මිශ්‍ර කරන්න.
  3. දැන් සාදාගත් මිශ්‍රණය විදුරු භාජනයකට දමා කාමර උෂ්ණත්වයේ තබන්න. ඔබේ නිවස සහ වටපිටාව උණුසුම් නම් ඔබට මෙම මිශ්‍රණය ටික වෙලාවක් ශීතකරණයේ තැබීමට වුවද හැකිය.
  4. මෙම දියරමය මිශ්‍රණය සති කිහිපයකට ප්‍රමාණවත් වේ.
 

භාවිත කරන අන්දම :

ඔබ සතුව ඇති වෙනත් ඕනෑම ලෝෂන් එකක් භාවිත කරන ආකාරයට මෙය භාවිත කළ හැකි අතර හොඳින් මතක තබාගත යුතු කරුණ වනුයේ උපරිම ප්‍රතිඵල ලබාගැනීම සඳහා තෙත සහිත සමේ මෙම මිශ්‍රණය අලේප කළ යුතු වීමයි. නෑමෙන් පසුව මෙම ආලේපය භාවිත කරනවා නම් වඩාත් සුදුසුයි. මේක් – අප් රිමුවර් එකක් ලෙසද මෙය භාවිත කළ හැකියි.


  • පරිවර්තනය| කවිඳු හේවාගීගනගේ 
Loading...

No comments:

Powered by Blogger.