Lanka Net Gossip

විද්‍යාලයේ බුදු මැදුරේදී හා ගුරු විවේකාගාරයේදී සිසුවියන් සිව්දෙනෙකුට අතවර කළ විදුහල්පති දැලේ

Loading...

16 හැවිරිදි ශිෂ්‍යාවන් 4 දෙනෙකුට ලිංගික අතරවරකළේ යැයි  සැකපිට 52 හැවිරිදි විදුහල්පතිවරයෙකු අද(30) ඇල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 මෙසේ අතරවයට ලක්ව ඇත්තේ ඇල්ල අධ්‍යාපන කොට්ඨාශයට අයත් යහලවෙල විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ හා 11 වන ශ්‍රේණියේ ‍ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් සිව් දෙනෙකි.

විද්‍යාලයේ  බුදු මැදුරේදී හා ගුරු විවේකාගාරයේදී මෙම ශිෂ්‍යාවන් වෙන් වෙන් වශයෙන් ගෙන්වා අතවර කර ඇති අතර ඔවුන් විසින් මේ සිද්ධිය පිළිබඳව මව්පියන්ට හා ගුරුවරුන්ට පවසා ඇතැයි අද දෙරණ වාර්තාකරු පවසයි.

අනතුරුව ඔවුන් මව්පියන් සමග පොලීසියට පැමිණ තමාට වූ හිංසනය පිළිබඳ  පැමිණිලි කළ බව  ඇල්ල පොලීසිය සඳහන් කරයි.

සැකකාර විදුහල්පතිවරයා මින් පෙර බාල වයස්කාර ඥාති දියණියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබු අයෙකු බවද විමර්ශන වලදී අනාවරණය වී අතැයි සඳහන්ය.

බණ්ඩාරවෙල  පොලිස් අධිකාරි සුදත් මාසිංහ හා සහකාර පොලිස් අධිකාරි ජයන්ත රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එල්.ඩී.එන්.කරුණාරත්න මහතාගේ මෙහෙයවීම යටතේ ඇල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි .
Loading...

No comments:

Powered by Blogger.