Lanka Net Gossip

යාපනේ අවුලන්න හදන ආවා කල්ලියේ හැංගුණු මූණු 2ක් කොටුවෙයි

Loading...

යාපනයේ සැරිසරන "ආවා ගෲප්" සාමාජිකයන් ලෙස සැකකරන පුද්ගලයන් දෙදෙනකු ඊයේ (30 දා) දහවල් කඩු දෙකක්‌ද සමඟ යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනයේ අතුරු මාර්ගයක්‌ ඔස්‌සේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සැකකටයුතු පුද්ගලයන් දෙදෙනකු පොලිසියෙන් පරීක්‌ෂා කිරීමේදී ඔවුන් ළඟ තිබී කඩු දෙකක්‌ හමු වී තිබේ.
ඔවුන් දෙදෙනා පොලිසියට ගෙනැවිත් ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ නාට්‍යයක්‌ පුහුණුවීම පිණිස මෙම කඩු දෙක රැගෙන යන බවයි.
නමුත් යාපනය පොලිසිය කියා සිටින්නේ එම කඩු දෙක නාට්‍ය සඳහා භාවිත කරන සෙල්ලම් කඩු නොව පුද්ගලයන්ට හානි කළ හැකි අන්දමේ විශාල ප්‍රමාණයේ කඩු බවයි.
යාපනයේදී පසුගිය සතියේ පොලිසියට හමු වූ කඩු කිහිපයක්‌ සමඟ සස¹ බලන විට මෙම කඩු දෙක හා පෙර අත්අඩංගුවට ගත් කඩුවල සමාන බවක්‌ දක්‌නට ලැබෙන බවද යාපනය පොලිසිය ප්‍රකාශ කළේය.
යාපනය පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්‌ෂණ පවත්වාගෙන යයි.
Loading...

No comments:

Powered by Blogger.