Lanka Net Gossip

බාලිකාවන් ඉගෙනුම ලබන විද්‍යාලයකට කොට කලිසමකින් සැරසී ඇතුළුවීමට උත්සාහ දරා ආරක්ෂක නිලධාරිනියට පහරදුන් බාලිකාවකගේ පියකු අත්අඩංගුවට ගෙන අධිකරණයට

Loading...

බාලිකාවන් ඉගෙනුම ලබන විද්‍යාලයකට කොට කලිසමකින් සැරසී ඇතුළුවීමට උත්සාහ දරා ආරක්ෂක නිලධාරිනියට පහරදුන් බාලිකාවකගේ පියකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (31දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී. ශානක හර්ෂන් මහතා නියෝග කළේය.
අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා ජාතික පාසලේ ප්‍රධාන ගේට්ටුවේ ආරක්ෂක නිලධාරිනිය වශයෙන් සේවය කරන්නියක් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට සිදු කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු ඉකුත්දා (25දා) දියණියට ලබාදීමට ගෙනා ගිටාරය ඇයට ලබාදිය යුතු බව පවසා විද්‍යාලයට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බවත් එම අවස්ථාවේ දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුව තිබෙන බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
සැකකරු තැනට නුසුදුසු අන්දමේ කොට කලිසමකින් හා ටීෂර්ටයකින් සැරැසී උදෑසන 9.30ට පමණ විද්‍යාලයේ හත්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දියණියට ගිටාරය ලබාදීමට උත්සාහ දරා ඇති බවත් විදුහල්පතිනියගේ උපදෙස් මත විද්‍යාලයට අවේලාවේ ඇතුළුවීමට අවසර ලබා දිය නොහැකි බව ඇය සැකකරුට පවසා තිබෙන බව පොලිසිය අධිකරණයට දැන්වීය.
එහෙත් සැකකරු දියණියට ලබාදීමට ගෙනා ගිටාරය ලබාදිය යුතු බව පවසා ඇය සමඟ බහින්බස්වී බෙල්ලට පහරදී අත අඹරා හිංසාවට ලක් කර තිබෙන බවත් පැමිණිලිකාරිය ඒ හේතුවෙන් දින දෙකකට ආසන්න කාලයක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ 40 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබා තිබෙන බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
අත්අඩංගුවට ගත් සැකකරුට ඇප ලබා නොදෙන ලෙසත් විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරන නිසාත් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි නඩු මෙහෙයුම් අංශයේ උප පොලිස් පරීක්ෂක වාස් ගුණවර්ධන මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු කියා සිටියේය.
අනුරාධපුර – මහේෂ් විජේසූරිය
මව්බිම
Loading...

No comments:

Powered by Blogger.