Lanka Net Gossip

කෘතීම කකුල කැඩුනත් උත්සාහය අත්නොහැර තනි කකුලෙන් පන්දු රැක්ක එංගලන්තේ ක්‍රිකට් වීරයා

Loading...



ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඔක්තෝම්බර් 24 වෙනි දින තිබ්බා විස්සයි විස්ස ක්‍රිකට් තරගයක්. ඒ පකිස්ථානය සහ එංගලන්තය අතරයි. | Liam Thomas
මේක සාමාන්‍ය ක්‍රිකට් තරගයක් වුණාට මේ කණ්ඩායම දෙකේම ක්‍රීඩා කළේ සාමාන්‍ය ක්‍රීඩකයන් නෙමේ. ඒගොල්ලෝ අබාධිත ක්‍රීඩකයින්. කායික වශයෙන් අබාධිත වුණත් මෙයාලගේ මානසිකත්වය නම් ඉතා ඉහළයි.
ඒකට හොඳම උදාහරණයක් මේ තරගය අතරතුර සිද්ධ වුණා.
එංගලන්ත ක්‍රීඩක Liam Thomas තමන් දෙසට ආපු පන්දුව රැකීමට යනකොට කකුල කැඩිලා. හැබැයි ඒ කෘතීම කකුල.
ඒ කකුල කැඩිලා වැටුණත් තරගයට උනන්දුව දක්වපු Liam Thomas තනි කකුලෙන් ගිහින් පන්දුව රැකලා කඩුල්ල පැත්තට පන්දුව විසිකිරීමට සමත් වුණා
කොහොමද ගතින් අඩුවක් තිබ්බත් හිතින් ඉන්න ඉහළ..
පකිස්තානය මේ තරගය ජයගත්තා. පහත තියෙන්නේ Liam Thomasගේ විශිෂ්ඨ පන්දු රැකීම..
Loading...

No comments:

Powered by Blogger.