Lanka Net Gossip

මීගමුවේ සුපිරි හෝටලයක සම්බාහන කාමරයේ වෙච්ච කැතවැඩේ මෙන්න බලන්න්කො

Loading...

නිවාඩුවක්‌ ගත කිරීමට මීගමුවේ සුපිරි සංචාරක හෝටලයක්‌ වෙත පැමිණි 34 හැවිරිදි ජපන් ජාතික සුරූපිනියක්‌ තම ශරීරය සම්බාහනය කරගැනීමට එම හෝටලයේ මසාඡ් මධ්‍යස්‌ථානය (Massage room) වෙත පැමිණි අවස්‌ථාවේ ඇගේ රහස්‌ ප්‍රදේශය ස්‌පර්ශ කරමින් ඇයට ලිංගික අතවර කළ එම හෝටලයේ සේවකයකු මීගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මීගමුවේ පදිංචි සජිත ලක්‍ෂාන් ප්‍රනාන්දු (30) නමැත්තා මීගමුව පොලිසියේ සැරයන් (49241) ජිනදාස මහතා විසින් අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු එම සැකකරු රුපියල් 5,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂයක ශරීර ඇපමත අත්අඩංගුවෙන් මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.
සැරයන් (49241) ජිනදාස මහතා පැමිණිල්ල මෙහෙයවිය. අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ගොඩ්ප්‍රිකුරේ මහතා පෙනී සිටියේය.
Loading...

No comments:

Powered by Blogger.