Lanka Net Gossip

ලිංගික හිංසනය: "හැමදාම වගේ මොකක් හරි හිරිහැරයක්. එක දවසක් මම කෝච්චියේ අල්ලගන්න තැනක් නැතිව දෙපැත්තට විසිවෙනකොට මගේ දෙපැත්තේ හිටපු මිනිස්සු දෙන්නෙක් මගේ පියයුරු අල්ලනවා."

Loading...

"කෝච්චියේ හොඳටම සෙනග පිරිලා. ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ. අල්ලගන්න තැනක්වත් නෑ. මම මිනිස්සුන්ට තෙරපි තෙරපි හිටියේ. මම ඇඳගෙන හිටියේ ටිකක් කොට ගවුමක්. එකපාරට මට මගේ බඩට පහලින් මොකක්දෝ වෙනසක් දැනුන. අමාරුවෙන් අතගාල බලන කොට මිනිහෙක් මගේ ගවුමට උඩින් අතදාල අල්ලාගෙන ඉන්නවා."
ඇය දිනපතාම පානදුරේ සිට කොළඹ බලා රැකියාවට යන යුවතියක් වන ඇය දුම්රියේදී තමන්ට සිදුවූ අතවර හෙළි කළේ එළෙසිනි.
මේ තරුණිය පවසන පරිදි එය කිසිසේත්ම අහඹු සිදුවීමක් නොවේ.
"හැමදාම වගේ මොකක් හරි හිරිහැරයක්. එක දවසක් මම කෝච්චියේ අල්ලගන්න තැනක් නැතිව දෙපැත්තට විසිවෙනකොට මගේ දෙපැත්තේ හිටපු මිනිස්සු දෙන්නෙක් මගේ පියයුරු අල්ලනවා," ඇය පැවසුවේ දැඩි අසරණ ස්වරයකින්.
"මම උන්ගේ අත්වලට ගැහුවා. එකෙක් මට ඔරවල, "මොකද තමුසෙට වෙලා තියෙන්නේ' කියල මට බැන්නා."
Loading...

No comments:

Powered by Blogger.