Lanka Net Gossip

ඉණ දෙපස එල්ලා වැටීම ඔබටත් ප්‍රශ්නයක්ද ? මේ උපදෙස් 7 පිලිපඳින්න.

Loading...


ඉණ දෙපස එල්ලා වැටීම ඔබටත් ප්‍රශ්නයක් නේද? ටයර් පැනීම ලෙස අප හඳුන්වන මේ තත්වය කාන්තාවන් බොහෝ දෙනෙක් පිඩා විඳින තත්වයක්. කොතරම් මහන්සි වුවත් ඔබට මේ තත්වය නැති කරගැනීම අපහසුයි නේද?  මෙම තත්වයට ඉංග්‍රීසියෙන් කියන්නේ love handles කියලා. එත් මේ තත්වයේ කිසිම ආදරණිය බවක් නම් නැති බව ඔබත් කියාවි. Kyla Gagnon නමැති ව්‍යායාම උපදේශිකාව Huffington Post පුවත්පතට ප්‍රකාශ කර තිබෙන්නේ මේ තත්වය නැතිකරගැනීම සම්බන්ධයෙන් ව්‍යායාම කිරීම මත පමණක් විශ්වාසය තබන්න එපා කියලයි.
ඉණ දෙපස එල්ලා වැටීම එහෙමත් නැත්නම් ටයර් පැනීම ලෙස සලකන්නේ ශරීරයේ අමතර මේදය තැන්පත් වීමක්. මෙහිදී මෙම මේද තට්ටු ඉවත් කිරීමට ව්‍යායාම් කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ තමයි. ඒක විද්‍යානුකූලව පිළිගෙන තිබෙනවා. එසේ නම් කළ යුත්තේ කුමක්ද? ඉණ දෙපස එල්ලා වැටීම නැති කරගැනීම සඳහා කළ යුත්තේ මේද තට්ටු යටින් තිබෙන පේශි ශක්තිමත් කරගැනීමයි.
පහත දැක්වෙන්නේ ඉණ දෙපස එල්ලා වැටීම නැති කරගැනීම සඳහා අනුගමනය කළ යුතු උපදෙස් කිහිපයක්.
  1. සෞඛ්‍යයට හිතකර මේද වැඩිපුර ආහාරයට ගන්න.
සෞඛ්‍යාරක්ෂිත මේද ලබාගැනීම සඳහා ධාන්‍ය වර්ග සහ අලිගැටපේර ඔබේ දෛනික ආහාරවේලට එකතු කරගන්න. වෛද්‍යවරුන් නිර්දේශ කරන ආකාරයට සෞඛ්‍යයට හිතකර මේද මගින් ඔබ ආහාරයට ගත යුතු දෛනික කැලරි ප්‍රමාණයෙන් 25% -30% ප්‍රමාණයක් ලැබෙනවා. ඒවගේම සකස් කරන ලද ආහාර පරිභෝජනයෙන් වැළකිම ද අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි.
  1. සීනි සහ අනවශ්‍ය කබෝහයිඩ්රේට් භාවිතයෙන් වැළකෙන්න.
ඔබේ දෛනික ආහාරයට වැඩිපුර එළවලු සහ පළතුරු එකතු කරගන්න. ඒවගේම වැඩිපුර ධාන්‍ය ආහාරයට ගැනීම වගේම සැහැල්ලු ප්‍රෝටීන් සහිත ආහාරත් ආහාරයට ගන්න.
  1. දිනකට කැලරි 100ක් දහනය කරගැනීම සඳහා විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙන්න.
දිනකට කැලරි 100ක් දහනය කරගැනීම මගින් මේද දහනය වීම පමණක් නොව විශේෂයෙන්ම ඔබගේ සමස්ත සෞඛ්‍යයම ඉතාම යහපත් වේවි. ඉතා පහසු සහ සරල ක්‍රියාකාරකම් මගින් කැලරි 100ක් දිනකට දහනය කරගැනීම මගින් ඔබේ ඉඟ ප්‍රදේශය වෙන කවරදාටත් වැඩ ලස්සන කරගැනීමට ඔබ‍ට හැකිවේවි.  මෙහිදී ඔබට ඉතාම ලේසියෙන් සිදු කළ හැකි සරල ක්‍රියාකාරකම් තෝරාගැනීම මගින් ඔබටත් පහසුවක් ගෙනදේවි.
කැලරි 100ක් දහනය කරගත හැකි සරල ක්‍රියාකාරකම් කිහිපයක්. 
  • ඔබේ වාහනය සෝදන්න
  • සැතපුමක් පමණ ඇවිදින්න
  • මිනිත්තු 15ක් පමණ පිහිනන්න
  • ඔබේ පිටුපස පෙදෙස විනාඩි 20ක් පමණ සොලවන්න
  • ඔබේ බල්ලා සමග විනාඩි 20ක් පමණ ඇවිදින්න
  • දිනකට විනාඩි 18ක් පමණ පඩිපෙලක නගින්න
ඔබට ඔබේ කෑමවේලට සිදුකරගත හැකි තවත් වෙනස්කම් කිහිපයක්. 
  • ඔබ මයෝනිස් සෝස් වැනි දෑ වැඩිපුර පාවිච්චි කරනවා නම් මයෝනිස් වෙනුවට අබ සහිත නිෂ්පාදන අත්හදා බලන්න
  • ඔබ නිතර පැස්ටා හදනවා නම් පැස්ටා සැදීමේදී ක්‍රීම් සෝස් වෙනුවට රතු පැහැති සෝස් යොදාගන්න.
  • ඔබ නිතර සැන්විච් කනවා නම් ඔබේ සැන්විච් එකෙන් එක පාන් පෙත්තක් අඩුකර බලන්න.
  • එළවලු ආදිය පිසීම වෙනුවට සලාද ආකාරයෙන් ආහාරයට ගන්න.
  • Drink one less 12-ounce beer බියර් පානය කරන කෙනෙක් නම් අවුන්ස 12කට අඩුවෙන් බොන්න.
  1. Bicycle Crunch ව්‍යායාමය
බිම දිගෑරෙන්න. ඔබේ අත් ඔබේ කන් දෙපසින් දිගහැරගන්න..ඔබේ කකුල් අංශක 90ක කෝණයකට ඔසවන්න.ඔබේ වම් දණහිසනවා  ඔබේ පපුව ඉදිරියට ගෙන එන්න. දැන් ඔබේ දකුණු වැලමිට වම් දණහිසේ ගාවන්න. පසුව අත් සහ කකුල් මාරු කරමින් නැවත මෙම ක්‍රියාකාරකම කරන්න.මෙම ක්‍රියාකාරකම මාරුවෙන් මාරුවට දිගටම කරගෙන යාමේදී ඔබ බයිසිකලයක් පදින ඉරියව්ව නිරුපණය වනු ඇත.
  1. Plank ව්‍යායාමය
මෙම ව්‍යායාමය ඔබට උපරිම ප්‍රතිඵල ගෙන දෙනු ඇති.ඔබේ වැළමිට සහ යටිබාහු පොළව මත තබන්න. ඔබේ ශරීරය පුෂ්-අප්ස් කරන ඉරියව්වට ගෙන එන්න. ඔබේ උඩ බාහු  තිබිය යුත්තේ අංශක 90ක කෝණයකටයි. ඔබේ පිටුපස පෙදෙස සහ කකුල් හරි කෙලින් ඔසවාගත් ඉරියව්වෙන්  තිබිය යුතුයි.මෙම ඉරියව්වේ විනාඩියක් හෝ විනාඩි 3ක් සිටිය යුතුයි. ඔබ ආධුනිකයෙකු නම් මුලින්ම තත්පර 30ක් මෙම ඉරියව්වේ සිටිමින් පටන් ගන්න. පසුව ක්‍රමයෙන් ඉරියව්වේ සිටින කාලය වැඩි කරන්න.
  1. Side Plank Dips ව්‍යායාම
ඇඟ පැත්තට හරවාගත් ඉරියව්වෙන් පටන්ගන්න. (එක පැත්තක ඇඟට බර දෙමින්  වැලමිට අංශක 90කට නවාගෙන, එමෙන්ම ඔබේ ඉන පොළොවේ නොගවමින් ඔසවාගන්න  ) දැන් ඔබේ ඉන පොළොවේ ගාවන්න. නැවතත් පොළොවෙන් උඩට ගන්න. මේ ආකාරයට එක පැත්තකට වට 10-12 බැගින් සිරුරේ දෙපත්තටම මෙම ක්‍රියාකාරකම කරන්න. ඔබේ පිටුපස පෙදෙස කෙලින් තබාගනිමින් සහ තට්ටම් තද කරගනිමින් මෙම ක්‍රියාකාරකම කරන්න උත්සාහ ගන්න.
  1. Stability Ball Plank ව්‍යායාම
Stability ball එකක් සොයාගන්න. ඒ මත ඔබේ වැලමිට හා මැණික් කටුව අතර  ප්‍රදේශය තබා වැලමිට සහ යටිබාහුව සමබර කිරීමට උත්සහ කරන්න. දැන් ඔබේ කකුල් පිටුපසට දිගු කරන්න. ඒ මගින් ඔබට බෝලයට විරුද්ධව ඔබ සිටිය යුතු කෝණය කුමක්දැයි අදහසක් ලබාදේවි.මෙම ඉරියව්වෙන් විනාඩි දෙකක් පමණ ඉන්න. මෙහිදී මෙම ඉරියව්වේ සිටීමට ඔබේ උදර පේශි පහසුතාවයක් දක්වන තුරු පමණක් ඉරියව්වේ රැඳී සිටීම වඩාත් හොඳය.

  • පරිවර්තනය| කවිඳු හේවාගීගනගේ
    healthtips
Loading...

No comments:

Powered by Blogger.