Lanka Net Gossip

පිටරට IP වලින් රිංගලා ජනපතිගේ සයිට් එක හැක්කල රතු උකුස්සා, කොයාහැකර් සෙට්එක ඇතුලට යන්න වැරදුණු පොට - වීඩියෝ

Loading...

පිටරට IP වලින් රිංගලා ජනපතිගේ සයිට් එක හැක්කල රතු උකුස්සා, කොයාහැකර් සෙට්එක ඇතුලට යන්න වැරදුණු පොට - වීඩියෝ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී එහි තොරතුරු මකා දමා ව්‍යාජ දත්ත ඇතුළත් කල තරුණයාට මේ වන විට සමාජජාල ඔස්සේ ප්‍රතිචාර රැසක් හිමිව තිබෙනවා.

එමෙන්ම ඔහු කවුුරුන්ද යනවග සම්බන්ධයෙන් බොහෝ පිරිසක් තොරතුරු විමසන අතර හිරු ගොසිප් අපට දැනගන්නට ලැබුණේ 17 හැවිරිදි සිසුවා පේරාදෙණිය - ගන්නෝරුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසැලක ඉගෙනුම ලබන සිසුවෙක් බවයි.


2007 අංක 14 දරන පරිගණක අපරාධ පනතේ වගන්ති 3, 4, 5, 6, 7, 8 සහ 9 යටතේ සිදුකර ඇති මෙම වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනා විසින් විදෙස් සැකකරුවකුගේ සහාය ඇතිව මේ අපරාධය සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වන බවද රහස් පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

මෙම සිද්ධියට රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබුවේ නො. 52, පී.බී. අල්විස් පෙරේරා මාවත, කටුබැද්ද, මොරටුව පදිංචි වෙබ් අඩවි නිර්මාණකරුවකු හා ග්‍රැෆික් නිර්මාණකරුවකු වූ කරුණානායකගේ ජනිත් මධුසංඛ නමැත්තාය. එසේම, පරිවාස නිලධාරීන් භාරයේ මාකොළ ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ රැඳවීමට නියෝග කෙරුණේ මෙම සිද්ධියේ 17 හැවිරිදි පාසල් සිසුවාය. සැකකාර පාසල් සිසුවාගේ දෙමාපියන්ට මෙම දරුවා බැලීමට මෙන්ම ආහාරපාන ලබාදීමටද අධිකරණය මගින් අවසර ලබා දුන්නේය.

ජනාධිපති මාධ්‍ය අංශයේ සමාජ ජාල භාර සහකාර අධ්‍යක්ෂ සමීර ද සිල්වා මහතා ඉකුත් 26 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ට අදාළව ඊයේ (30) සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර කරුණු වාර්තා කරනු ලැබුවේ ප්‍ර.පො.ප.එස්.කේ. සේනාරත්න මහතා විසිනි.

ඒ අනුව පැමිණිල්ල විසින් සඳහන් කර ඇත්තේ, ජනාධිපතිවරයාගේ තොරතුරු ප්‍රචාරය කරනු ලබන නිල වෙබ් අඩවිය වූ president.gov.lk නමැති වෙබ් අඩවිය සඳහා වෙනත් කිසිදු පාර්ශ්වයකට ප්‍රවිෂ්ට විය නොහැකි බවත්, එහි දත්ත ඇතුළත් කරනු ලබන්නේ මාධ්‍ය ඒකකයේ ගිණුම් පහකින් බවත් ය.

පසුගිය සතියේ අවස්ථා දෙකකදී ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය ආක්‍රමණය කළ ‘ශ්‍රී ලාංකික තාරුණ්‍යය‘ නමින් හඳුන්වාගත් පිරිසක් විකෘති තොරතුරු එම  වෙබ් අඩවියට ඇතුළත් කර තිබුණා.  

මෙලෙස ඇතුළත් කර තිබුණේ උසස් පෙළ විභාගය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්බන්ධයෙන් වන කරුණු කිහිපයක්.
දෙවන සයිබර් ප්‍රහාරයෙන් පැය කිහිපයක් ගත වීමෙන් අනතුරුව වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කෙරුණු අතර, සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාතර්තමේන්තුව විමර්ශන ආරම්භ කළා.

කඩුගන්නාව ප්‍රදේශයේ 17 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ අත්අඩංගුවට ගැනුණේ ඒ අනුවයි.  ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්  මත ඔහුට අනුබල දීමේ චෝදනාව යටතේ මොරටුව ප්‍ර දේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගත්තා.  

ඉකුත් 25 වැනිදා රාත්‍රියේ කිසියම් පුද්ගලයකු විසින් එම වෙබ් අඩවිය වෙත අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත ගබඩාව තුළට දත්ත ඇතුළත් කර ඇති බවත්, එහි අ.පො.ස. උසස් පෙළ විභාගය අප්‍රේල් මාසයේ නොපවත්වන ලෙසත්, විශ්ව විද්‍යාල සිසුන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන ලෙසත්, ජාලගත පරිගණක ප්‍රහාරයක් එල්ල විය හැකි බැවින් එයින් ආරක්ෂා වන ලෙසටත් සහ ඒවා ආරක්ෂා කිරීමට නොහැකි නම් අතිගරු ජනාධිපතිතුමාට ඉල්ලා අස්වන ලෙසටත් කරන ලද තර්ජනාත්මක නිවේදනයක් එහි ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව මෙම අනවසර ප්‍රවිෂ්ටය සම්බන්ධයෙන් ටෙලිකොම් දත්ත ගබඩාවේ ප්‍රවිෂ්ට සටහන් ලබාගනිමින් විමර්ශන ආරම්භ කරනු ලැබූ බවත්, එහිදී මෙම ප්‍රවිෂ්ටය සඳහා භාවිතා කරනු ලැබූ අයි පී අංක විදේශයන් හි සිට භාවිතා කර ඇති බවට හඳුනා ගනු ලැබූ බවත් රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.

එසේම, එක් අංකයක් මෙරටදී භාවිතා කර ඇති බවට ලද තොරතුරුවලට අනුව ජාලගත ආවේක්ෂණයක් සිදුකළ බවත්, ලංකාව තුළ වෙබ් අඩවි 37කට අධික ප්‍රමාණයකට අනවසර ප්‍රවිෂ්ටයක් ලබාගෙන දත්ත වෙනස් කිරීම සම්බන්ධයෙන් යම් ෆේස්බුක් ගිණුමක්ද හඳුනාගත් බවත් රහස් පොලිසිය වැඩිදුරටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

එම ගිණුම ෆේස්බුක් අඩවියේ සංවිධානාත්මක කල්ලියක් විසින් yakadaya.forums නමින් සංවිධානයකට ඇතුළත්ව අනවසර ප්‍රවිෂ්ටය ලබාගැනීම සහ ඒවා සිදුකිරීමට අවශ්‍ය පසුබිම් සකස් කරන බවට නිරීක්ෂණය වී ඇතැයිද මෙහිදී රහස් පොලිසිය සඳහන් කර ඇත.

එමෙන්ම, මෙම කණ්ඩායම රතු උකුස්සා, සුමේධ ජනවිජය, කොයාහැකර් නමින් තවත් ෆේස්බුක් දත්ත පිටු හා වෙබ්අඩවි කිහිපයක් පවත්වාගෙන යමින් අන්තර්ජාලයේ වෙබ් අඩවි වෙත අනවසර ප්‍රවිෂ්ට ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන තොරතුරු සැපයීම කරගෙන යනු ලබන බවටද තහවුරු වී ඇතැයි ද රහස් පොලිසිය තවදුරටත් සඳහන් කර තිබේ.

එම විමර්ශනයෙන් පසු yakadaya.forums නම් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලැබූ 27 හැවිරිදි තරුණයා හඳුනාගනු ලැබූ බවත්, පසුව 17 හැවිරිදි පාසල් සිසුවා හඳුනා ගනු ලැබූ බවත් රහස් පොලිසිය අධිකරණයට සිය බී වාර්තාව මගින් දැනුම්වත් කර ඇත.

මෙම සිද්ධියේ දෙවැනි සැකකරු වූ පාසල් සිසුවා මේ අකාරයෙන් තවත් වෙබ් අඩවි 7කට අධික ප්‍රමාණයකට අනවසරයෙන් ඇතුළු වී දත්ත ඇතුළුකර ඇති බවට ද තොරතුරු අනාවරණය වන බවටද පොලිසිය සඳහන් කර ඇත.
(under the courtesy of hirunews news web)
Loading...

No comments:

Powered by Blogger.