Lanka Net Gossip

විල්පත්තුව නඩුවට ඇමති රිෂාඩ් විරෝධතා ගොනුකරයි

Loading...


විල්පත්තු රක්ෂිතයේ සහ ඒ අවට අනවසර ඉදිකිරීම් ඉවත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කර තිබූ පෙත්සමක් අද අභියාචනාධිකරණයේදී සලකා බැලුණා.

එහි වගඋත්තරකරුවෙකු ලෙස නම් කර ඇති අමාත්‍ය රිෂාඩ් බදියුදීන් වෙනුවෙන් ඔහුගේ නීතිඥයන් මූලික විරෝධතා ගොනු කළ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඊට අමතරව පෙත්සමේ තවත් වගඋත්තරකරුවෙකු වන මධ්‍යම පරිසර අධිකාරියට විරෝධතා ගොනු කිරීම සඳහා සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා කල් ලබා දුන්නා.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු 08 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.



Loading...

No comments:

Powered by Blogger.