Lanka Net Gossip

තමන් උස් මහත් කළ තාත්තා නිදන්ගත රෝගයකින් ගලවා ගැනීමට තම පවිත්‍රත්වය පරදුවට තැබූ දූවරුන් දෙදෙනා

Loading...

තමන් උස් මහත් කළ තාත්තා නිදන්ගත රෝගයකින් ගලවා ගැනීමට තම පවිත්‍රත්වය පරදුවට තැබූ දූවරුන් දෙදෙනා



තමන් උස් මහත් කළ තාත්තා නිදන්ගත රෝගයකින් ගලවා ගැනීමට තම පවිත්‍රත්වය පරදුවට තැබූ දූවරුන් දෙදෙ වාර්තාවේනෙකු පිළිබඳව ලග්ගල ඉසව්වෙන්. මේ සත්‍ය කතාවකි.
ලොව අගනාම නිල් රතු කැට මතුවූයේ ලග්ගලය. ලග්ගලින් මතුවූ අගනා මැණික් කැට මෙන් පිය සෙනෙහස ඉදිරියේ තම පවිත්‍රත්වය පරදුවට තැබූ මෙම දියණිවරුන් ජීවත් වූයේ හත්තොට අමුණ ප්‍රදේශයේය. දූවරුන් තිදෙනෙකු හා එකම පුතෙකු රටට දායාද කළ මෙම පවු‍ලේ පියා නිදන්ගත රෝගයකින් පෙළුණු අයෙකි. හත්තොටඅමුණ රෝහලෙන් ප්‍රතිකාර ලබාගත් ඔහු ලග්ගල රෝහලෙන්ද ඊට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගත්තේය. එහෙත් දවසින් දවස පියාගේ රෝගය වැඩි වූවා මිස සහනයක් ලැබුණේ නැත.
බලිතොවිල් නැටුවද එයින්ද පළක් වූයේ නැත. පියා දවසින් දවස ඔත්පල වෙමින් සිටියේය. රෝගයෙන් පීඩා විඳින පියාගේ කෙඳිරිල්ල දරුවන්ට ඇතිකළේ වේදනාවක්ය. පියා සුවපත් කරගැනීමට මෙම දරුවන් නොගිය දේවාලයක් නැති තරම්ය. ගත් සියලු උත්සාහයන් නිෂ්ඵලවෙමින් රෝගය උත්සන්නවීම දරුවන්ට දරාගැනීමට නොහැකි විය. වෙදකම් කොතෙකුත් කළත් එයින්ද පළක් නොවූයෙන් දරුවන් එක්ව තම පියා මාත‍ලේ මහ ඉස්පිරිතාලෙට ඇතුළත් කළේ ලොකු දොස්තර මහතාගෙන් ප්‍රතිකාර ලබාගෙන පියා කෙසේ හෝ සුවකර ගැනීමටය.
දින සති ගණන් ගෙවුණත් රෝගය පලා යන බවක් දක්නට තිබුණේ නැත. ලෙඩ ඇඳේ වැතිර සිටි ඔහු දවසින් දවස මරණය කරා ළංවන බවක් ඔවුනට දැනෙන්නට විය.
මාත‍ලේ මහ රෝහ‍ලේ නේවාසිකව සිටි රෝගියා බැලීමට ලග්ගල සිට දිනපතා යාම ඒමද ඔවුන්ට ගැටලුවකි. කිලෝ මීටර් 50ක පමණ දුරක් ගමන් කිරීමද මහමගට දවස ගෙවා දැමීමකි. එහෙත් ඔවුන් එය ඉවසා තම යුතුකම ඉටුකරන්නට විය.
මාසයකට වැඩි කාලයක් මාත‍ලේ මහ රෝහ‍ලේ නේවාසිකව සිටි තාත්තා සුවයක් නොලද නිසා ගෙදරට ගෙන යාමට තීරණය කළේය. මේ අතරේදී මාත‍ලේ මහරෝහ‍ලේදී හමුවූ කන්කානම් මහත්තයෙකු (උපස්ථායක) රෝගී පියාගේ බිරිඳට සහ දූවරුන්ට අස්වැසිල්ලක් ගෙනදෙමින් අපූරු යෝජනාවක් ගෙන ආවේය.
බෙහෙත් කළාට කමක් නැහැ. මේ ලෙඩාට භූත දෝෂයක් තියෙනවද? ග්‍රහ අපල තියෙනවද කියල අපි දන්නේ නැහැ. හොඳ කපුමහත්තයෙක් ඉන්නවා. මොනවහරි ඒ පැත්තෙනුත් උත්සාහ ගත්තොත් හොඳයි නේද? උපස්ථායක මහතාගේ මෙම යෝජනාව නිවසේ සැමට කිසියම් අස්වැසිල්ලක් ගෙන ආවේය. ලෙඩ ඇඳෙන් නැගුටුවා ගත් පියා රෝහ‍ලේ සිට නිවසට කැන්දා ගෙන ගියේ කපු මහත්තයාගේ උපදෙස්වලට අනුවය.
කපු මහත්තයා කළොත් කළාමයි. කිරි ගහට ඇන්න වගේ. දැන් ඉතින් බයවෙන්න කාරණයක් නැහැ. උපස්ථායක මහතා නිවැසින් සනහාලීමට කටයුතු කළේ ‍ලේ ඥාතියෙකු අන්දමටය. උපස්ථායක මහතාගේ මැදිහත්වීමෙන් කැකිරාව ප්‍රදේශයේ සිට මේ මහා බලගතු කපුවා පැමිණියේය. රෝගියා පරීක්ෂා කළ කපුවා නිවසේ වටපිටාව පවු‍ලේ පසුබිම විපරම් කළේය. මහන්සියෙන් උපයා ගත් යමක් ඉතිරිකර ගෙන ඇති පවු‍ලේ දියණියන් දෙදෙනෙකු හා මව සමග රෝගියා කල්ගෙවන බව කපුවාට දැන ගැනීමට හැකි විය. පවු‍ලේ එකම පුතු ආරක්ෂක සේවයට බැඳී දුරබැහැරක සේවය කරන බවද ඔහු දැනගත්තේය. වැඩිමල් දියණිය රජයේ රැකියාවක යෙදෙමින් විවාහ වී පිට පළාතක ජීවත් වන බවද ඔහු සොයා ගත්තේය.
මේ ආකාරයට කපුවා දොස් හැර පවු‍ලේ සියලු විස්තර දැන ගත්තේය. රෝගියාගේ රෝගී තත්ත්වය පිළිබඳව කම්පාවට පත්වීමට තරම් කපුවාගේ හදවත උණුවූ බවක් ද පවු‍ලේ අයට දක්නට හැකිවිය.
බයවෙන්ට දෙයක් නැහැ. මං ලෙඩා ගොඩ දාල දෙන්නම්. හැබැයි ටිකක් වියදම් කරන්න වෙනවා. පුළුවන්නෙ... කපුවා නිවැසියන්ගෙන් විමසීය.
කීයක් වියදම් වුණත් කමක් නැහැ. අපිට අපේ තාත්තා බේරලා දෙන්න. නිවසේ දූවරුන් කපුවාට බැගෑපත් වූයේ පිය සෙනෙහස පෙරදැරිවය.
බයවෙන්ට කාරි නෑ. අපි උත්සාහ කරල බලමුකෝ. නිවැසියන් අස්වැසූ කපුවා එතැන් පටන් රෝගියා බාර ගත්තේ කාගේත් කැමැත්ත ඇතිවය.
දින සති ගණන් ගෙවුණද රෝගය සුවවන බවක ලකුණක් හෝ දක්නට නොතිබුණි. එදා කපුවා පැමිණියේ තීරණාත්මක ගුරුකමකටය.
මේක තවත් බලාගෙන ඉන්න බැහැ. මේ ගෙදර ජීවත්වන ගැහැනු පරාණවල දෝෂ නිසා ලෙඩා ගොඩගන්න අමාරුයි. තවත් බලාගෙන නොඉඳ ඉස්සර වෙලාම මේ දෙන්නගේ දෝෂ නැතිකරල ඉඳිමු. ලෙඩා ජීවත් කරවන එකත් මට දැන් ගැටලුවක්... කපුවාගේ කතාව නිවැසියන් කම්පාවට පත්කළේය.
මං කීවනෙ බයවෙන්න එපා. ඉස්සර වෙලා ඔය දෙන්නගෙ දෝෂ භංග කරලා ඉඳිමු. ඉන්පස්සේ තාත්තා ගොඩගන්න හැටි මං දන්නවා. කපුවාගේ කතාව දියණිවරුන්ට අස්වැසිල්ලක් විය.
අම්මා ලෙඩා ළඟට යන්න. මේ දෙන්න කාමර දෙකකට යන්න. මේ දෙන්නගෙ දෝෂ භංග කරනකොට කවුරුවත් බලන්න බැහැ. කතාකරන්න බැහැ. ශබ්ද කරන්න බැහැ. තේරුණාද? කපුවා අවසන් අවවාදය කළේ ලෙඩා ගොඩදමන බලා‍පොරොත්තුව ඇතිකරවමින්ය.
නිකිණි මහේ සිල් සුවඳ මැකී යමින් තිබූ එදා තම දෝෂභංග කර පියා රෝගයෙන් මුදා ගැනීමට හැකිවීම කෙතරම් වාසනාවක්දැයි දියණිවරු සිතන්නට ඇත. අන්ධභක්තිය වෙනුවෙන් තම පවිත්‍රත්වය පරදුවට තැබිමට සිදුවෙතැයි ඔවුන්ට අවබෝධයක්ද නොවීය. පියාගෙන් පිට ලෝකයක් නොමැති ඔවුන්ගේ එකම ප්‍රාර්ථනය වූයේ කෙසේ හෝ පියා රෝගයෙන් සුවපත් කරගැනීමය.
පරලවූ කපුවා දියණිවරුන් දෙදෙනා කාමර දෙකකට ඇතුළු කළේය. කාමර දෙකට වරින්වර යන - එන කපුවා දෝෂභංග කිරීමේ කාර්ය පටන් ගත්තේය. එයට බාධා නොකරන අවවාදයක් කළේය. තාත්තාගේ රෝගය සුව වෙනවා නම් මොන බාධා කිරීමක්ද?
කපුවා පළමුව කළේ මෙම දරුවන්ට බිමට යමක් දීමය. පැන් කෙන්ඩියට සුටුපුටු ගා යමක් මුමුණා ජලය ලබාදුන්නේය. එම ජලයට මත් විශේෂයක් මිශ්‍රකර ඇති බවක් මෙම දියණිවරුන් දැන සිටියේ නැත. ජප කළ ජලය පානය කළ දියණිවරුන් මත්වෙමින් සිටියේය. දියණියක පැදුරේ තැබූ කපුවා මන්ත්‍ර ජප කරමින් ඇයගේ සිරුර ස්පර්ශ කරන්නට විය. මොහොතින් ඊළඟ කාමරය යන කපුවා එම දැරියගේද සිරුර ස්පර්ශ කරමින් ජප කරන්නට විය. මාරුවෙන් මාරුවට මෙම කාර්යයේ යෙදුණු කපුවා පැය කීපයක් ගතවන තෙක් තම පහත් ආශාවන් සන්තර්පණය කරගත්තේ අයුතු යෝජනාවක්ද කරමින්ය.
දෝෂභංග කිරීමට මන්ත්‍ර ජප කළ කපුවා එදිනට කළ හැකි දේ අවසන් කර ගතමනාවද ලබාගනිමින් නිවසින් පිටව ගියේ නිවැසියන්ට බලා‍පොරොත්තුවක්ද ඇතිකරවමින්ය. පියාගේ රෝග සුවකර ගැනීමට පැමිණි කපුවා දියණිවරුන්ගේ දෝෂභංග කිරීමේ රාජකාරිය ආරම්භ කර නිවසින් පිටව ගොස් දින කීපයක් ගතවුවද යළි නොපැමිණීම නිවැසියන්ගේ සැකයට හේතු විය. මේ වනවිට රුපියල් ලක්ෂ අටක පමණ මුදලක් පඬුරු වශයෙන් ලබාගෙන සිටි කපුවා යළි නොපැමිණීමත් පියාගේ රෝගය සුවවන බවට ලකුණක් හෝ දැන ගැනීමට නොහැකිවීත් සැකය තව තවත් තීව්‍ර කළේය.
දුක් මහන්සියෙන් උපයා ගත් රුපියල් ලක්ෂ 08ක පමණ මුදලක් ගෙන දියණිවරුන් දෙදෙනෙකුගේ පවිත්‍රත්වය බිලි ගැනීමට කැස කැවූ කපුවාට එරෙහිව ලග්ගල ‍පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් වන්නේ ඉන්පසුවය. ‍පොලීසිය වහා ක්‍රියාත්මකව කපුවා සොයාගැනීමට පරීක්ෂණ ආරම්භ කළේය. ලග්ගල ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක
ජයසිරි අමරසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප‍පොලිස් පරීක්ෂක ඒකනායක මහතා සහ උප‍පොලිස් පරීක්ෂක නිශ්ශංක මහතා ඇතුළු කණ්ඩායම වහා ක්‍රියාත්මකව කපුවාට අනුබල දුන් කන්කානම් (උපස්ථායක) සහ කපුවා අත්අඩංගුවට ගත්තේය.
අපරාධ විමර්ශනයේ දක්ෂ නිලධාරියෙකු වන ඒකනායක මහතාගේ ප්‍රශ්න කිරීම් හමුවේ කපුවාට දෝෂභංග කිරීමේ කතාව වමාරන්නට සිදුවිය. තමන් කපුවෙකු නොවන බවත් ලබාගත් මුදල් කන්කානම් සමග බෙදාහදා ගත් බවත් අනිකුත් සියලු තොරතුරුත් නොසඟවා පැවැසීමට කපුවාට සිදුවිය. අහිංසක පවුලක් දුක්මහන්සියෙන් ඉපැයූ මුදල් සම්භාරයක් වංචා කර දියණිවරුන් දෙදෙනොගේ ආත්මය බිලි ගැනීමට කූට උපායන් යෙදූ කපුවා සහ අනුබල දුන් උපස්ථායකයාට එරෙහිව දැන් නීතිය ක්‍රියාත්මක වෙමින් තිබේ
Loading...

No comments:

Powered by Blogger.