Lanka Net Gossip

අම්බලන්ගොඩ ව්‍යාපාරිකයා ඝාතනයට තිදෙනෙක් රිමාන්ඩ්

Loading...

අම්බලන්ගොඩ ව්‍යාපාරිකයා ඝාතනයට තිදෙනෙක් රිමාන්ඩ්

අම්බලන්ගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික හැලඹගේ ප්‍රේමසිරි මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනා ලබන මස 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බලපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනෙවිය නියෝග කළාය. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත වූයේ දොඩන්දූව වතුගෙදර ආදී ප්‍රදේශවල පදිංචි සැකකරුවන් තිදෙනෙකි.
ව්‍යාපාරිකයා එදින සිය ව්‍යාපාරික කටයුතු අවසන් කොට අවුරුදු 12ක් පමණ වයසැති ඔහුගේ බාල පුත්‍රයාද සමග නිවසට එමින් සිටියදී වෙඩි තබා ඝාතනය කළේය.ඝාතනය සිදු කළ අවස්ථාවේ තිබූ සී.සී.ටී.වී. දර්ශන සහ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ  තහවුරු කර ගැනීමට ජංගම දුරකථන සමාගම් වලින් ලබාගත් දුරකථන දත්ත වාර්තා ඇසුරින් මෙම ඝාතනය පිළිබඳව සුලමුල අනාවරණය කර ගැනීමට සමත් වීය.
ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ‍පොලිස් මෙහෙයුම් දියත්කොට ඇති  අතර සැකකරුවන් අම්බලන්ගොඩ  ප්‍රදේශයේ අතහැර ‍පොලීසිය මග හරිමින් සිටියදී 2016.09.27 දින පස්වරුවේ එක් සැකකරුවකු ගාල්ල කොටුපවුර අසලදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු ඝාතනය සම්බන්ධ ප්‍රධාන සැකකරු බව ‍පොලීසිය කියයි. මොහු ඝාතන සිද්ධි දෙකකට සැකකරු බවත්, ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට යොදා ගත් ගිනි අවි ඔහුගේ දොඩන්දූව පින්කන්ද ආරච්චිවත්ත ලිපිනයේ පිහිටි නිවසේ තිබි (28දා) සොයාගත් බවත් ‍පොලීසිය පවසයි.
ඔහුගෙන් ලබාගත් තොරතුරු ඔස්සේ  පරීක්ෂණ මෙහෙයවූ ‍පොලීසිය, ඔවුන්  ඝාතනය සිදු කොට පලාගිය සුදු පැහැති ටොයොටා වර්ගයේ මෝටර් රථයද පසුගියදා (29) අලුයම බත්තරමුල්ල ප්‍රදේශයේ තිබි සොයා ගෙන ඇත. මෙම මෝටර් රථය බත්තරමුල්ල ප්‍රදේශයේ වාහන  කුලියට දෙන ස්ථානයකින් ලබාගෙන ඇති එක්ක බවද ‍පොලීසිය අනාවරණය කරගෙන ඇත.
එක් සැකකරුවෙකු වතුගෙදර හීනටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු වයස අවුරුදු 24ක තැනැත්තෙකි. ප්‍රධාන සැකකරු අවුරුදු 37 ක් පමණ වයස ඇත්තෙකි. මෝටර් රථයේ අංක තහඩු වෙනස් කිරීම සම්බන්ධයෙන්ද පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
‍පොලීසිය පවසන්නේ තවත් සැකකරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට ඇති බවත් ඒ පිළිබඳව දිගින් දිගටම පරීක්ෂණ සිදුකරන බවයි.
අම්බලන්ගොඩ මූලස්ථාන ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඒ. මහින්ද අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක බා‍ලේන්ද්‍රසිංහ, උප ‍පොලිස් පරීක්ෂවරුන් වන කරුණානායක මධූරංග ‍පො.කොස්තාපල්වරන් වන (13215) බටුවත්ත (3011) රංගන (69864) සඳරුවන් (72692) ප්‍රේමතිලක (72995) තරංග (72701) ධනුෂ්ක (84935) නිරාන් සහ ‍පොලිස් කොස්තාපල් (රියැදුරු)  (17180) චතුරංග යන නිලධාරීන් පරීක්ෂණ මෙහෙයවයි.
එස්. සමරනායක - අම්බලන්ගොඩ
Loading...

No comments:

Powered by Blogger.