Lanka Net Gossip

වර්ජනය නොනැවතින ලකුනු බස්‌-දුම්රිය වර්ජනය අද මධ්‍යම රාත්‍රියේ සිට

Loading...


රුපියල් විසිපන්දහස දක්‌වා වැඩි කරන ලද වාහන දඩයට එරෙහිව පෞද්ගලික බස්‌ රථ ද කරුණු හතරක්‌ මුල් කර ගනිමින් දුම්රිය සේවකයන් ද අද (01 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරතවන බව එම වෘත්තීය සමිති නායකයෝ ‘දිවයින’ ට පැවැසූහ. මෙවර අයවැයෙන් යෝජනා කරන ලද වාහන දඩය ඇතුළු අනෙකුත් දඩවලට එරෙහිව අන්තර් පළාත් පෞද්ගලික බස්‌ සංගමය, සමස්‌ත ලංකා බස්‌ හිමියන්ගේ සමිති සම්මේලනය, දකුණු පළාත් බස්‌ හිමි සංගමය ඇතුළු බස්‌ සමාගම් 27 ක්‌ මෙම වර්ජනයට දායක වන බව අන්තර් පළාත් පෞද්ගලික බස්‌ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා ‘දිවයිනට ප්‍රකාශ කළේය.
ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පෞද්ගලික බස්‌කරුවන්ව වර්ජනයකට තල්ලු කරන බව ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න මහතා ‘දිවයින’ ට ඊයේ (30 දා) පැවැසීය.
ඒ අනුව ප්‍රවාහන ඇමැතිවරයා අද (01 දා) දිනයේ පෙරවරුවේ හෝ බස්‌ කර්මාන්තකරුවන් ගැන සිතා යම් ප්‍රකාශයක්‌ නොකළහොත් වර්ජනයකට යනවා හැරෙන්නට තමන්ටද වෙන කළ හැකි දෙයක්‌ නැති බවද හෙතෙම කීවේය.
මේ අතර දුම්රිය ඉඩම් පෞද්ගලික අංශයට පැවරීම, අවිධිමත් සේවක බඳවා ගැනීම, දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක්‌ බවට පත්කිරීම, විශ්‍රාම වැටුප අහෝසිය යන කාරණාවලට එරෙහිව දුම්රිය වෘත්තීය සමිති 50 ක පමණ සේවකයන් අද (01 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක්‌ ආරම්භ කිරීමට තීරණය කර ඇත.
ඒ සම්බන්ධව දුම්රිය සාමාන්‍යාධිකාරී බී. ඒ. සී. ආරියරත්න මහතා සමඟ පෙරේදා (29 දා) එම වෘත්තීය සමිති විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්වුවද එය කිසිදු එකඟතාවකින් තොරව අවසන් වී තිබේ. ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති දුම්රිය වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කිරීමට කමැත්ත පළ කළ ද දුම්රිය වෘත්තීය සමිති නියෝජ්‍ය ඇමැතිවරයා සමඟ සාකච්ඡා පැවැත්වීම ප්‍රතික්‍ෂේaප කර තිබිණි.
මෙම වැඩවර්ජනය සඳහා පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ, ත්‍රිරෝද රථ ද බස්‌ රථ සේවක සංගම්ද සහාය දක්‌වන බවටද ප්‍රකාශ කර තිබේ.
රජයේ ඉහළම පුද්ගලයකු මැදිහත්වී සිය ගැටලුවලට විසඳුම් ලබා දෙන බවට ලිත පොරොන්දුවක්‌ ලබා දුනහොත් පමණක්‌ වැඩ වර්ජනය නවතා දැමීමට එකඟවිය හැකි බව මෙම වෘත්තීය සමිති නායකයෝ ප්‍රකාශ කළහ.
එහෙත් ඒ සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෝ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෝ ඊයේ සවස වනතුරුත් සෘජු මැදිහත්වීමක්‌ දක්‌වා නොතිබුණි. එබැවින් වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන මතයේ වෘත්තීය සමිති සිටියි.
Loading...

No comments:

Powered by Blogger.