Lanka Net Gossip

තලවතුගොඩ ගෙදරක සුරූපී තරුණියන් ලස්සන පෙන්නලා කරන තැනක් බලන්නකො මෙයාලා කරන් කැත වැඩ

Loading...


තලවතුගොඩ ප්‍රදේශයේ ගණිකා Prositution නිවාසයක් පවත්වාගෙන ගිය එහි කළමනාකරු ඇතුළු කාන්තාවන් පස් දෙනකුට විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ධම්මික හේමපාල මහතා පෙරේදා (29දා) නියෝග කළේය.
තලංගම පොලිස් බල ප්‍රදේශයේ තලවතුගොඩ “සිටි ලන්ඩන්” නමින් මෙම මධ්‍යස්ථානය 2012 ජනවාරි 25 දින තලංගම පොලීසිය මගින් වැටලූ අවස්ථාවේ එහි ගණිකා වෘත්තීයට සූදානම් වී සිටි කාන්තාවන් 13ක් සහ කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබිණි. එම අවස්ථාවේ කඩුවෙල අධිකරණය වෙතින් ඇප ලබා නික්ම ගිය සැකකරුවන් සියලුම දෙනා අධිකරණය මගහරිමින් සිටි අතර එහි සැකකාර කාන්තාවන් අටදෙනකු පසුගියදා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පෙරේදා (29) දින කඩුවෙල මහෙසේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. වරෙන්තු මත අත්අඩංගුවට පත් සැකකාර ගණිකාවන් නවදෙනා ලබන මස 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම සැකකාරියන් කඹුරුපිටිය – කදාන – පිළියන්දල – පන්නිපිටිය – ජා ඇල- අත්තිඩිය – කඩුගන්නාව – ගනේගොඩ – වාද්දුව යන ප්‍රදේශයන් හි පදිංචි කාරියන් වේ
Loading...

No comments:

Powered by Blogger.