Lanka Net Gossip

පසුගිය 17 සිට 23 දක්වා සතියක් තුළ දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් තිබේ.

Loading...

 පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ , එම අනතුරුවලින් 90 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවත් 189 දෙනෙකු පමණ සුළ තුවාල ලබා ඇති බවත් ය .

අදාළ සතියක කාලය ඇතුළත පුද්ගලියින් දෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර වාහනවලට පමණක් අලාභ සිදු වූ අනතුරු සංඛ්‍යාව 119කි.

අදාළ සතිය තුළ සිදුව ඇති සමස්ත අනතුරු සංඛ්‍යාව 427කි.

මේ අතර පසුගිය පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතරුවලින් පුද්ගලයින් 5 දෙනෙකු පමණ මියගොස් ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 40ට ආසන්න වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රියැදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ, රිය අනතුරුවල වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බැවින් රිය පැදවීමේදී මාර්ග නීති නිසි ලෙස පිළිපදින ලෙසයි


Loading...

No comments:

Powered by Blogger.