කෝටිපති ව්‍යාපාරිකයාගේ මළසිරුර හමුවූ අවස්ථාව - VIDEO
Loading...
මියගොස් සිටි තම දරුවාගේ ඇදුම් සහ ආභරණවලින් පළමුව ඔහුව හඳුනාගත් බව ඝාතනයට ලක්වූ බම්බලපිටිය ව්‍යාපාරිකයාගේ පියා පවසනවා.
ඉන්පසුව ඔහුගේ දේහය හමුවූ මාවනැල්ල පොලිස් බලප්‍රදේශයට අයත් රුකුලගම ප‍්‍රදේශයේ මාවනැල්ල – හෙම්මාතගම ප‍්‍රධාන මාර්ගයට ආසන්න ප්‍රදේශයේ තවදුරටත් සෝදිසි මෙහෙයුම් ආරම්භ කළ බව පොලිසිය පවසනවා. මේ වන වට මළසිරුර අදාළ ව්‍යාපාරිකයාගේ බව ස්ථිර වශයෙන්ම හදුනාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
මළසිරුර හමුවූ ස්ථානයට මාවනැල්ල මහේස්ත්‍රාත් එල්.කේ මහින්ද අද (25) පෙරවරුවේ පැමිණි අතර දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී රමේෂ් අලගියවන්න විසින් සිදු කර තිබෙනවා.
වැඩි දුර පරීක්ෂණ සඳහා දේහය කෑගල්ල ශික්ෂණ රෝහලට රැගෙන යෑමට නියමිතයි. මේ අතර කොළඹ අපරාධ කොට්ඨාශය, රහස් පොලිසිය, පොලිස් නිල සුනඛ ඒකකයේ සහය ඇතිව විමර්ශන සිදු කරනවා.
(අදාළ මළසිරුර හමුවූ අවස්ථාවේ වීඩියෝව පහතින් දැක්වෙයි)
(under the courtesy of nethfm news web)
Loading...
No comments: