Lanka Net Gossip

බැන්දට පස්සේ දෙන්නම මහත්වෙන්න හේතු දන්නවාද?

Loading...

සුළඟටත් ගහ ගෙන යන තරමට පාන්තිරයක් වගේ හිටිය සඳුනි කසාද බැඳලා මාස දෙක තුන වෙද්දි තාර බැරලයක් වගේ මහත් වුණා....
ඇයි එයාගේ මහත්තයා.. සඳුන් ඉස්සර කොහොමද හිටියේ ....... සතුටට වෙන්න ඇති.. කෙනෙක් කිව්වා.
ඔව් ඉතිං.... පවුලක් කියන්නෙත් සතුටක් තමයි.. ඒත්..අද සඳුන් සඳුනි විතරක් නෙවෙයි... බොහෝම දෙනෙක් කසාද බැන්දට පස්සේ තරබාරු වෙනවා. බේසල් විශ්වවිද්‍යාලය මේ ගැන අධ්‍යයනයක් කළා. යුරෝපයේ රටවල් නවයක අලූත විවාහයට පත් පුද්ගලයන් මේ අධ්‍යයනයට සම්බන්ධ කර ගත්තා. ඔස්ටි්‍රයාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, පෝලන්තය, රුසියාව, ස්පාඤ්ඤය සහ මහා බි්‍රතාන්‍ය වැනි යුරෝපාකරයෙන් 10226 දෙනකුගේ දත්ත මේ වෙනුවෙන් ලබා ගත්තා. ඇයි දන්නේ නැද්ද? කසාද බැන්දට පස්සේ දන්න ශිල්ප සේරම පෙන්නලා කෑම හදනවා. තෙලෙන් කිරෙන් ආදරය පෙන්නුවාම ඔහොම තමයි.. කියමනටත් කියනවා නේද අලූත බැන්ද ජෝඩුව වගේ කියලා. ආදරය ගැන නම් ඇත්ත.. ඒත් ආදරය වගේම නිරෝගීකම ගැනත් හිතන්න වෙනවා. මේ කාලයේ තියෙන අලූත් අත්දැකීමයි. දරු මල්ලන් නැති හින්ද තියෙන විවේකයයි නිසා දෙන්නා දෙන්නාට බොහොම ඉහළින්ම සලකනවා.
ඒවාට ලකුණුත් ලැඛෙනවානේ.. හරිම රසයි..ඉතිං තව තවත් රසට හදනවා මිස ගුණය ගැන තැකීමක් නැහැ. හිත රිදවන්නත් බැරි හින්දා දෙන දෙන දේ බඩට තමයි.
හැබැයි සමහර නැන්දම්මලා නම් මේවාට අකැමැතියි. මම දන්න අක්කා කෙනෙක් තෙලෙන් කිරෙන් හදනවා දැක්ක අම්මා zzඅනේ මම දන්නෑ පුතාට මේ විදිහට කන්න දුන්නොත් නම් තව අවුරුදු දෙක තුනක් යද්දි බයිපාස් එකකටත් ලෑස්ති වෙන්න වෙයි...
හැබැයි අක්කා හිතුවේ නැන්දම්මා තරහට කිව්වේ කියලයි. ඇත්තටම කසාද බැන්දට පස්සේ එළවළු, පළතුරු වගේ දෙයින් ආදරේ පෙන්නන්න බැරිද? ඒ්ත් අද සැමියා වුණත් බිරිඳට ආදරේ පෙන්නන්නේ බර්ගර්, තෙම්පරාදු කරන විවිධ බත්, ලූණු සහ තෙල් අධික ආහාර වර්ගවලින් තමයි. මුල් අවුරුද්දම කෑමට පිටත අවන්හල්වල තමයි ගමන බිමන වුණත් වාහනෙන්.. මේ හින්දා කන කෑම බීම දහනයකුත් නැහැ.
අලූත බැන්ද ජෝඩුවල තවත් අදහසක් තියෙනවා. හොඳට කාලා බීලා ඇඳලා ඉන්න ඕන එහෙම නැත්නම් පිටස්තර අය දකින්නේ විවාහය කිසිම ගතියක් නැතුව ඇති කියලයි. මනස්ගාත තමයි.. කාටවත් පේන්න කාලා ලෙඩ ඉල්ලා ගන්නවා.
ඉස්සර වගේ නෙවෙයි... දැන් වැඩ පහසු කරන උපාංග කුස්සියේ බොහොමයි. මේවා සම්බන්ධ කර ගනිද්දීත් පහසුවට වඩා ඒවායේ ආදීනව ගැනත් හිතන්න වෙනවා. දුවන්නන් වාලේ දිවීමේ පලක් නැහැ.
නිරෝගී බවට සිරුරේ බර වගේම හැඩයත් වැදගත් වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන විදිහට අපේ සිරුරේ ස්කන්ධ දේහ දර්ශකය 18.5 සිට 25 ක් අතර නම් නිරෝගී බවින් යුක්තයි. බාසල් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්ට පෙනී ගිය විදිහට අවිවාහක කාන්තාවන්ට වඩා විවාහක කාන්තාවන්ගේ ස්කන්ධ දේහ දර්ශකය අවදානම් කලාපයේ තිබුණා. පිරිමින් සම්බන්ධයෙන් ද මේ තත්ත්වය වෙනස් වුණේ නැහැ. තනිකඩ පිරිමින්ගේ ස්කන්ධ දේහ දර්ශකය නිරෝගී මට්ටමේ තිබුණත් විවාහක පිරිමින්ගේ මෙම අගය අවදානම් කලාපයට අයත්ව තිබුණා.
තවත් ක්‍රමයකට අනුව අපේ ඇපල් සහ පෙයාස් ගෙඩියක හැඩතල අතරින් නිරෝගී බව ගණනය කරන්න පුළුවන්. ඉනේ වට ප්‍රමාණය මැන එම අගය උකුලේ වට ප්‍රමාණයෙන් ඛෙදා ගත් අනුපාතයෙනුත් නිරෝගී බවේ තරම ඔබටම දැන ගත හැකියි. කාන්තාවකගේ මෙම අගය 0.8 ට ඉහළ නම් ඇගේ සිරුර ඇපල් ගෙඩියක හැඩයට අයත් වෙනවා. මෙම තත්ත්වය දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ හෘද රෝග සංකුලතාවන්ට හේතු වෙනවා. මෙම අගයට වඩා පහළ මට්ටමක තිඛෙන විට කාන්තාවගේ සිරුරේ හැඩය පෙයාස් ගෙඩියට සමානයි. ඒ තත්ත්වය ඇපල් ගෙඩියට සමාන සිරුරක වගේ රෝග සංකුලතාවයන්ට අත වැනීම එතරම් ප්‍රබල නැහැ. අනේ ඉතිං නොකා නොබී කොහොමද? කිව්වට ඔබ මුලින් සිතන්න වෙන්නේ පමණ ඉක්මවා දිව පිනවා රෝගී වෙනවා ද?..... එහෙම නැත්නම් පමණ දැන ගෙන කෑමෙන් නිරෝගී වෙනවාද යන්නයි. මෙතැන වැරැද්ද කෑමටත් වඩා සිරුරේ ශක්තිය දහනය නොවීමයි. ඒ නිසා කෑම වගේම කය වෙහෙසන ක්‍රියාකාරකමක නිරත වුණොත් මේ රෝග අවදානමෙන් මිදෙන්න එතරම්ම අපහසුවකුත් නැහැ.
Loading...

No comments:

Powered by Blogger.