Lanka Net Gossip

ජිම් යන කෙල්ලෙක්ව සෙට් කරගත්තොත් සෙත්තපෝච්චිම තමයි බලන්නකො ඇයි මෙහෙම කියන්නෙ කියලා

Loading...



අද කතාව ජිම් යන කොල්ලො කෙල්ලො ගැන. ජැක් ඇන්ඩ් ජිල් - අපි යමු ජිම් කිව්වලු.මොනා වුණත් මචං යං ජෙනරේෂන්වරියන් අතර ඉන්න ගොඩක් දෙනෙක් කැමැති, ප්‍රවේගය ෆිල්ම් එකේ හිටපු හේමාල් රණසිංහට වගේ පට්ට සිරා ඇඟක් තියන කොල්ලන්ට කොල්ලෙක්ගේ ඒ වගේ ඇඟක් දැක්කහම ගොඩක් කෙල්ලොන්ගේ දෙල් ‍දො‍දොල් වෙලා තොල් තො‍දොල් වෙලා ලල් ඉගිල්ලිලා චූන් එක ටියුන් වෙනවා. ඒ වගේ කොල්ලෙක් වෙනුවෙන් ඕනම බැරියර් එකක් කඩාගෙන ගිහිල්ලා ඕනම දෙයක් දෙන්න ඕන තරම් කෙල්ලො සැදී පැහැදී ඉන්නවා. ඒ අතින් අපේ කෙල්ලො හරිම සුවචයි කීකරුයි අහිංසකයි රටක් වටියි. පට්ට කොල්ලෙක් එක්ක ඉන්න මොන කෙල්ලද මචං අකැමැති. ඒ කැමැත්තේ කිසිම වැරැද්දක් නෑ. ඒත් ඉතිං තමන්ගේ සීමා මායිම් ගැන හරි අවබෝධයක් තියාගන්න එක පට්ට වැදගත්. සීමා කඩාගෙන ගියොත් වෙන්නෙ අප්පච්චිට වෙච්ච දේම තමයි. ඒ කියන්නෙ සෙත්තපෝච්චිම තමයි.


දැන් තියෙන අලුත්ම රැල්ල තමයි ජිම් යන එක. මොනා වුණත් මචං මේ වගේ රැල්ලක් ඇතිවෙන එක එළකිරි ලීටර් 12යි පට්ට කිලෝ 700යි වගේ දෙයක් කියලා තමයි මට හිතෙන්නෙ. සමහර කොල්ලොන්ට චාටර් 70යි දෝදු 500යි වගේ මහා පරිමාණ බඩවල් තියෙනවා. කිරි අප්පොට ඩප්පි ගහපි - කිරි බිව්වද සාරිගප්පි කිව්වලු` ඇත්තටම කොල්ලෙක්ට බඩ ආවහම වස කැතයි`` ෂික්`` බැරියර් දාලා බඩ නවත්තන්න බෑනෙ. තමන්ගේ සෞඛ්‍යය ගැන හිතලා දාදිය මහන්සියෙන් වැඩ කරලා තමන්ගෙ ශරීරයේ තියන අහිතකර දේවල් දහනය කරගන්න ගොඩක් කොල්ලෝ මාර කම්මැළියි. කිසිම දෙයක් මහන්සි වෙලා කරන්නේ නෑ... උන්ට මහන්සි වෙලා කරන්න පුළුවන් සෙක්ස් කරන එක විතරයි. ඒත් මස්සිනා... කම්මැළිකම නිසා තරබාරු බව ඇති වුණොත් ඒක කරලත් හමාරයි` තරබාරු අච්චාරු වගේ ඇඟක් තියෙන කොල්ලොන්ට කෙල්ලොත් කැමැති නෑ` ඒ නිසා ජිම් පප්පට වගේ බැරියර් කඩාගෙන යන තරමේ බඩක් ආවට පස්සේ ජිම් යන්න හිතලා වැඩක් නෑ. දැන් ඉඳලාම මහන්සි වෙලා ඇඟ වෙහෙසලා වැඩ කරලා බඩ ගානට හදාගනින්.


මොනා වුණත් ආදර”ය යං ජෙනරේෂන්වරුනි, වරියනි, මේකේ බැරියර් කඩාගෙන යන තවත් පැත්තක් තියෙනවා. ගොඩක් කොල්ලොන්ට ඕනෙ සික්ස් පැක් හදාගන්න. ජිම් ගිහිල්ලා දන්න හැම සෙල්ලමක්ම දාලා සික්ස් පැක් හදාගෙන කෙල්ලො එක්කත් බැරියර් කඩාගෙන යන සෙල්ලම් දැමීමේ පරම පවිත්‍ර අරමුණ ගොඩක් කොල්ලොන්ගෙ හිත්වල තියෙනවා. මේ දේවල්වලට අහුවෙන කෙල්ලොත් ඉන්න නිසා ඉතිං සික්ස් පැක් තියෙන කොල්ලො ගොඩ. මොනා වුණත් හුඟක් කොල්ලෝ සික්ස් පැක් හදාගන්නෙ එක කෙල්ලෙක් වෙනුවෙන්ම නෙමෙයි කියලා ගොඩක් කෙල්ලොන්ට අමතක වෙනවා. ඒ අමතක වීම නිසා තමයි කොල්ලොන්ට සිරා කිලෝ 700යි පට්ට ගැලුම් 300යි වගේ චාන්ස් සෙට් වෙන්නෙ.


මචං... කෙල්ලෙක් වුණහම නම් අනිවාර්යයෙන්ම තමන්ගෙ ශරීරයේ හැඩය ලතාවට කලාවට සිරාව තියාගන්නම ඕනෙ. කෙල්ලොන්ගේ බඩවැල් නම් අනිවා ෆ්ලැට් වෙන්නම ඕනෙ. කොහොම කොහොම හරි... ඇඟ හොඳට තියාගන්න ඕන නිසා දැන් කෙල්ලොත් ජිම් යනවා. අන්න එහෙම තමයි ඉන්න ඕනෙ. හැබැයි කෙල්ලො ජිම් යන්නේ ඇත්තටම ඇඟ හදාගන්න විතරද? ඔව්... ගොඩක් කෙල්ලො ජිම් යන්නෙ ඇඟ හදාගන්න විතරයි. ඒත් ඒකට සමාන්තරව තව තව ව්‍යාපෘතිවලටත් ඒ අය අතගහනවා. මචං... ගොඩක් වෙලාවට ජිම් එකට එන්නෙ පට්ට සිරා ඇඟවල් තියෙන, උතුරන්න සල්ලි තියෙන කොල්ලො. ඉතිං ජිම් යන සමහර කෙල්ලො ඒ වගේ කොල්ලො දිහා බලන්නෙ බැරියර් කඩාගෙන යන සිතුවිල්ලක් හිතේ තියාගෙන. ඒ කොලේලොත් ජිම් එන්නේ ඇඟ හදාගන්න ඒකට අමතරව තව තවත් දේවල් හදාගන්න. කොල්ලගේ ඇඟ නිසා කෙල්ල ටියුන් වෙනවා. කෙල්ලගේ ඇඟ නිසා කොල්ලා ටියුන් වෙනවා. ඉතිං ජිම් එක කියන්නේ කොල්ලන්ගේ හිතේ තියන තක්කඩි අවශ්‍යතා සහ කෙල්ලන්ගේ හිතේ තියෙන සරාගී අවශ්‍යතා එකට මුණගස්සවලා ඒවා අවුස්සලා ඒවා ටියුන් කරලා චූන් කරලා පත්තුකරන සිරා පොට් එකක්. බොරුනම් ගිහිල්ලා බලපන්. කෙල්ලන්ගේ හදවතේ වෙන ඒ චූන් වීම වළක්වන්න ශක්‍රයගේ පුතාගේ වයිෆ්ගේ බාප්පටවත් බෑ.


ඉතිං තමන් විවාහක වුණත්, තමන්ට පෙම්වතෙක් හිටියත් ජිම් එකේදී ඇතිවෙන එක එක මිත්‍රත්වයන් දුරදිග යෑමේ ප්‍රවණතාව ඉතා වැඩියි. ඒ නිසා ජිම් යන කෙල්ලෙක් එක්ක සිරා ලව් එකක් පටන් අරගෙන සෙත්තපෝච්චි වුණාට පස්සේ නහයෙන් අඬන්න නම් තියාගන්න එපා. ඒත් මගෙ මතය තමයි මේ මොන මඟුල වුණත් අදාළ වැඩේට විතරක් ජිම් ගිහිල්ලා, තමන්ගේ ශරීරය ලස්සනට තියාගන්න පුළුවන් නම් යං ජෙනරේෂන් එක මීට වඩා ලස්සන වේවි කියන එක. එහෙනම් මම නවතිනවා... බැරියර් කඩාගෙන යන/ නොයන, ජිම් යන / නොයන සියලු දෙනාගේ ලල් මොදු වේවා...`` ආවඩා ආයුබෝ වේවා... ඒස්වා හ--... හ--... හහහ------...
Loading...

No comments:

Powered by Blogger.