Lanka Net Gossip

ඔබට යම් කෙනෙක් හැරයන්න උනොත් මේ ගැනත් හිතන්න

Loading...



ආදරය කියන්නේ එක එක පුද්ගලයෝ එක එක විහට වටිනාකම් දෙන දෙයක්. සමහරු තමන්ගේ ජීවිතේම ආදරේ කරගන්නකොට තවත් සමහරු ආදරේ ජීවිතේ එක යම් දෙයක් විතරක් කරගන්නවා. මේ කොයි විදිහට ආදරේට ජීවිතේ වටිනාකම් දෙන පුද්ගලයෝ උනත් ජීවිතේ හිර වෙන තැනක් එනවා. ඒ තමයි තමන් දීර්ඝ කාලයක් ආදරේ කරපු කෙනෙක් තමන්ට අහිමි උනොත් ඒ අවස්ථාවට මුහුණ දීම. ඒ වගේම තවත් කෙනෙක්ට වෙනවා යම් පුද්ගලයින් යම් හේතු නිසා ජීවිතේ හැර යන්න.

ඒ වගේම මෙතන වඩාත් දූකට වගේම දැඩි මානසික පීඩනයටකට ලක්වෙන්නේ හැර යන්නා නෙමෙයි. හැර යෑමට ලක් උනු පුද්ගලයයි. මේ කොයි ආකාරෙක හැර යෑමක් උනත්" කෙනෙක්ව හැරයන්න වෙනවනම් මේ කරුණු ගැනත් අවධානය යොමු කරන්න.

ඔබට හැර යන්න වෙන පුද්ගලයට හැර යන්න වෙන සත්‍ය හේතුවම පවසන්න

ඔබට ඇතැම්විට ඔබ හැර යන පුද්ගලගේ වරදක් හෝ අඩුපාඩුවක් නිසා ඔහු හැර යන්න සිදූ වේවි. නැතිනම් වෙනත් භාහිර හේතුවක් නිසා වෙන්නත් පුලුවන්. හේතුව මොකක් උනත් හැර යෑමට හේතු උනු ඇත්තම සිදූ වීම ඔහුට කියන්න. ඔබට කියන්න බැරිනම් ඔහුගේ මිතුරෙක් ලවා හෝ සත්‍ය තත්වයට ඔහුට පැහැÈලි කරවන්න. ඒක ඒ පුද්ගලයව දිගින් දිගටම මානසිකව තැවෙමින් වෙන වැරදි වැටහීම් වලින් වලක්වාවි.

ඔබ හැර යන්නාට ඔබව සිහි වීමට තිබෙන සියලු අවස්තා වලින් වලක්වන්න

කෙනෙක් හැර යෑමකට ලක් උනහම ඔහු දැඩි මානසික වේදනාවකට වගේම තමන් පිලිබදව කලකිරීමකට ලක්වීමත් වැලැක්විය නොහැකි දෙයක්. ඒ වගේ පුද්ගලයෙක් දිගින්   දිගටම වේදනාවට පත්වෙන්නේ අතීත මතකයන් එක්කයි. ඉතිං නැවත නැවතත් සුව දූක් හොයන මුවාවෙන් හෝ ඔහුට කෙටි කලකට ලං වීමට උත්සාහ කිරීමෙන් වන්නේ ඔහු නැවත නැවතත් දූකට පත්වීමක් පමණයි. ඒ වගේම ඔහුට ඔබව ඇමතිය හැකි සියලු අවස්ථා වලින් වගේම" ඔබව දැකිය හැකි අවස්ථා වලින් පවා හැකිතාක් ඈත් කල හැකිනම් එය ඔහුට ඔහුගේ වේදනාවල් වලින් මිදෙන්න උදව්වක් වේවි.

සිදූ වූ තත්වය ගැන අවංකවම ඔබ තේරුම්ගත යුතුයි.

ඔබ යමෙක්ව කුමන් හෝ හේතුවක් මත හැර ගියත් හැර යෑමක් තුල තිබෙන සත්‍ය තත්වයනම් ඔබ යමෙක්ව හැර යන්නේ ඔබට ඔහුට වඩා වටිනා දේවල් රැක ගැනීමට ඇති නිසයි. ඉතිං හැර යන්නා ඔබනම් ඔබට තව දූරටත් ඔබේ සිත සනසා ගැනීමට ඔහුව හැර යෑමට හේතු වුනු කාරණා ලෙස බොරු හේතු මවමින් ඔහුගේ සිත තව දූරටත් පෑරීමට අයිතියක් නෑ. ඉතිං ඔබ යමෙක්ව ඔබේ ජීවිතේ ඔහුට වඩා වටිනා යම් දේවල් රැක ගැනීමට හැර ගියේනම් දැන් ඔබ අතීතය අමතක කර ඔබේ ජීවිතේ වර්ථමාන  දේවල් රැක ගෙන සිටීමයි කල යුත්තේ.

යමෙකුගේ ජීවිතය අහිමි කිරීමේ හේතුවක් වන්න එපා

යම් පුද්ගලයින් ජීවිතය දෙස බලන්නේ විවිධ ආකාරයටයි. ඇතැමුන් ජීවිතයේ එන දැඩි ප්‍රශ්න හමුවේ ඒවාට විසදූම ලෙස තෝරා ගන්නේ මරණයයි. ලංකාව සියදිවි නසාගන්නන් අතර ඉහලින්ම සිටින්නේ එවැන්නන් බහුලවම වෙසෙන රටක් ලෙසයි. බොහෝ සියදිවි නසා ගැනීම් වලට තනිවීම්" වගේම අහිමිවීම් බොහෝ අව්සථාවල බලපෑමක් සිදූවෙනවා. ඉතිං ඔබ යමෙක් හැර ගියේනම් ඔහුට ඔබව අමතක වීමට ඔබ ඔහු වෙනුවෙන් ඔබට කල හැකි දෑ කල යුතුයි. නැතිනම් යම් සියදිවි නසා ගැනීමට හේතුව ඔබ විය හැකියි.

ආත්මාර්ථකාමීකම වෙනුවට අන් මිනිසුන් ගැනත් සංවේ§වන්න

ඔබ අතින් යම් පුද්ගලයෙක් අතපසුවීමකින් හෝ කල හැකි අන්යමක් නැති තැන තුවාලයකට ලක් උනැයි සිතන්න. දැන් ඔබ කල යුත්තේ ඔබ අතින් වුනු වරද ගැන තැවෙමින් ඔහුගේ තුවාලය නැවත පාරමින් රිදෙනවාදැයි බැලීමද" නැතහොත් එය සුව වීමට උදව් කිරීමද යන්න සිතා බලන්න.

කුමන හේතුවත් මත හෝ යමෙක්ව ඔබ හැරගියේනම්" ඒ හේතුවෙන් ඔහු පීඩා විÈන්නේනම් නැවත නැවත් ඔහුගේ වේදනාව පිරිස්සමින්" මතකය අලුත් කරමින් ඔහුව තවත් පීඩාවට ලක් නොකරන්න. ඔබ ඔහු හැර ගොස් අවසානනම් නැවත නැවතත් ඔහුව නොපාරා ඔහුගේ සිත සුව කර ගැනීමට ඉඩ § ඈත් වන්න.

හැරගියේ ඔබනම් " හැර යෑමට හේතු උනු ඔබට රැක ගැනීමට ඇති දෑ සමග ඔබ ඔබේ ජීවිතය ගෙනයන්න.

යමෙක්ගේ දූකකට දැන දැන හේතුවක් නොවන්න. මන්ද ඔබ යමෙක්ගේ දූකකට නැවත නැවතත් හේතුවක් වන්නේනම් එයම ඔබේ දූකකට යම් තරමක් හේතු වේවි.
Loading...

No comments:

Powered by Blogger.