Lanka Net Gossip

ලිංගික ක්‍රියාවලිය අප්‍රිය වීම.සූරාන්තය කරා නොපැමිණිම වැනි ස්ත්‍රීන්ට ඇති වන ලිංගික ගැටළුවට විසදුම්

Loading...

ලිංගික ක්‍රියාවලිය අප්‍රිය වීම.සූරාන්තය කරා නොපැමිණිම වැනි ස්ත්‍රීන්ට ඇති වන ලිංගික ගැටළුවට විසදුම්

Image result for sex no bed sad girl


ස්ත්‍රීන්ට ඇති වන ලිංගික ගැටළු අතර ලිංගික ක්‍රියාවලිය අප්‍රිය වීම, එමගින් කිසිදු උද්දීපනයක් සිදු නොවීම, සූරාන්තය කරා නොපැමි”ම සහ ලිංගික ක්‍රියාවලිය ඉතා වේදනාකාරි වීම මුල් තැනක් ගනී. ලෝකයේ ස්ත්‍රීන් විශාල ප්‍රතිශතයකට ලිංගික ගැටළු මතුවන නමුත්, ඒ ගැන විවෘතව සාකච්ඡා කිරීමට ඇති බිය සහ ලැජ්ජාව නිසා බොහෝ දෙනෙක් නිශ්ශබ්දව දුක් විදී. සමහර ස්ත්‍රීන් වෙනත් රෝග ලක්ෂණ පවුලේ වෛද්‍යවරයාට පවසයි. එනම් සත්‍ය ගැටළුව වෙනුවට (උදා• වශයෙන් බඩේ වේදනාව, කොන්දේ කැක්කුම, යෝනි ප්‍රදේශය කැසීම වැනි) වෙනත් ගැටළු කථා කරන මුත්, වෛද්‍යවරයා නිශ්චිතව ඒ පීළිබදව ප්‍රශ්න නොකරයි නම්, ඔවුන් එය කීම සගවා සිටී.

මෙලෙස යම් ලිංගික ගැටළුවක් පවතී නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු සමග හෝ මානසික වෛද්‍යවරයකු සමග ඒ පිළිබදව සාකච්ඡා කිරීම වැදගත්ය. සාමාන්‍යයෙන් යුවල ප්‍රතිකාර, ලිංගික ක්‍රියාවලිය පිළිබද දැනුවත් කිරීම, උපදේශනය හා සහයෝගය ලබා දීම මෙහිදී සිදු වේ.

    ලිංගික ක්‍රියාවලියට ආශාවක් නැති වීම නොයෙක් හේතු නිසා ඇති විය හැක. උදා• මානසික ආතතිය, විශාදය, ශාරීරික තෙහෙට්ටුව, ගර්භනීභාවය හෝ ආර්තවහරණය (රුධිරයේ හෝමෝන මට්ටම වෙනස් වීම නිසා) කලින් ඇති වූ අහිතකර ලිංගික අත්දැකීම් සහ අනයෝන්‍ය බැදීම් නිසා ඇති වූ ගැටළුද, මෙහිදී බලපානු ලැබේ. මෙලෙස ලිංගික ක්‍රියාවලියට ඇති බලවත් අකමැත්ත හේතුවෙන් ලිංගික සහකරු ඇයව අනවශ්‍ය ලෙස සැක කල හැක. එසේම එම යුවලට නොයෙකුත් ප්‍රශ්න ඇති විය හැක.

    ස්ත්‍රීයක් සූරාන්තයට නොපැමි”ම එම ස්ත්‍රීයට මෙන්ම ඇගේ ස්වාමියාටද, ප්‍රශ්ණයක් විය හැක. ඒ ඇයට සතුටක් ලබා දීමට ඔහුට නොහැකි වීම පිළිබද ඔහුට සිතට යාම හේතුවෙනි. නමුත් සෑම ස්ත්‍රීයක්ම ලිංගික ආශ්වාදය ලැබීම සදහා සූරාන්තයට යාම අත්‍යවශ්‍ය නොවේ. මෙය තේරුම්ගත් විට එමගින් මානසික ගැටළු ඇති වීම අවම වේ. නමුත් පෙර සූදානම් ක්‍රියා එනම්, ස්පර්ශ කිරීම, වැළද ගැනීම, සහ හාදු දීම තුළින් තම බිරිද සතුටු කර ඉන්පසු ලිංගික සංසර්ගයේ යෙදීම පිරිමියා සතු යුතුකමකි.

Loading...

No comments:

Powered by Blogger.