Lanka Net Gossip

හොබී' එකක් විදිහටයි 'මොඩ්ලින්' කරන්නේ....නිරූපණ ක්ෂේත්‍රයට නවකයෙකු වූ ශෂි ප්‍රභා රත්නායක

Loading...

නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට ආවේ?
මීට අවුරුදු තුනකට විතර කලින්. 2013 වගේ.
 
ඒ කොහොමද?
රශි විනු කියලා මනාලියන්ට අන්දවන කෙනෙක් මාව දැකලා මට කතා කළා මනාලියකට අඳිමුද කියලා. මාත් කැමති වුණා. ඔය විදිහට තමයි මම නිරූපණ ක්ෂේත්‍රයට ආවේ. ඊට පස්සෙ මට පොටෝග්‍රැෆර්ස්ලා කිහිප දෙනෙකුගේම පොටෝ ෂූට්වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඔය විදිහට තමයි නිරූපණ ක්ෂේත්‍රයට ආවේ.
පුංචි කාලේ තිබුණ හීනයක්ද මේක?
නැහැ. පුංචි කාලේ මගේ හීනේ වුණේ ගුරිවරියක් වෙන්න. නමුත්, නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට ආවාහම ඒ පිළිබඳව ආසාවක් ඇල්මක් ඇති වුණා. දැනට මම රැකියාවක් කරනවා. 'හොබී' එකක් විදිහට තමයි 'මොඩිලින්' කරන්නේ.
 
ගීත රූප රචනා, වෙළෙඳ දැන්වීම්, ටෙලිනාට්‍යය වගේ දේවල්වලට යොමු වෙන්න ආස නැද්ද?
ආසයි. නමුත්, මම කැමතියි තෝරා බේරා ගැනීමකින් පසුව ඒ වගේ දේවල්වලට සම්බන්ධ වෙන්න. ආරාධනාත් කිහිපයක් ලැබුණා. ඒත්, ඒ ආරාධනා මට ගැළපුණ ඒවා තිබුණේ නැහැ.
රඟපාන්න ආසයිද?
ඔව්. ආසයි. නමුත්,  ලොකු ආසාවක් නැහැ. හොඳ චරිතයක් ලැබුණොත් ඒ දේට දායක වෙනවා. එච්චරයි.
 
නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?
මම දකින විදිහට පිරිමි වගේම කාන්තාවන්ටත් ගොඩක් හොඳ ක්ෂේත්‍රයක්. රැකියාවක් විදිහටත් මේක හොඳ රැකියාවක්.
නමුත්, ක්ෂේත්‍රය ගැන සමාජයේ තියෙන්නේ වෙනත් මත?
ඔව්, ඕනෑම කෙනෙකුට ඕනෑම මතයක් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත්, මම මේ ක්ෂේත්‍රයේ කටයුතු කරන කෙනෙක් විදිහට ක්ෂේත්‍රය ගැන හොඳ අවබෝධයක් මට තියෙනවා. අපි හොඳ නම් නම තියාගෙන මේ ක්ෂේත්‍රය තුළ කටයුතු කරනවා නම් අනිත් අයගේ මත ගැන අපිට වැඩක් නැහැ.
2016-08-02-ent-61
නිරූපිකාවක් වුණාහම කොටට අඳින්න ඕනද?
නැහැ. මම නම් හිතන්නෙ නැහැ එහෙම දෙයක් මොඩල් කෙනෙක්ගෙන් විය යුතු කියලා. හැබැයි තමන්ට ගැළපෙනවා කියලා හිතන විලාසිතාවක් කරන්න මොඩ්ල් කෙනෙකුට අයිතිය තියෙනවා. මම ගොඩක් ආස කළා 'හොට්' පොටෝ ෂුට් එකක් කරන්න. ඒක කළා. සමහරක් විට ඒ ෂූට් එක මගේ පළමු වෙනි හා අන්තිම හොට් පොටෝ ෂුට් එක වෙන්න පුළුවන්.
 
උදව් කළ අය?
මගේ අම්මා. මේ වෙලාවේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනා. ඊට පස්සෙ මාව මේ ක්ෂේත්‍රයට යොමු කරන්න මුල් වුණ රශි විනු අක්කාව. මගේ පළමු වැනි පොටෝ ෂූට් එක කළ ගිහාන් ඒකනායකව. ඒ වගේම හෂාන් පන්නිල අයියාව මතක් කරනවා.   
බුද්ධික සේනාධීර / ඡායාරූප - හෂාන් පන්නිල
2016-08-02-ent-60
බුද්ධික සේනාධීර / ඡායාරූප - හෂාන් පන්නිල
2016-08-02-ent-60 2016-08-02-ent-622016-08-02-ent-64 2016-08-02-ent-65 2016-08-02-ent-66 2016-08-02-ent-672016-08-02-ent-69 2016-08-02-ent-70 2016-08-02-ent-71 2016-08-02-ent-72 2016-08-02-ent-73 2016-08-02-ent-74 2016-08-02-ent-75
 
Loading...

No comments:

Powered by Blogger.