15 හැවිරිදි දැරියක් ගෙල වැලලාගනී
Loading...
පාසල් හැඳුනුම්පතක් සඳහා ලබා ගත් ඡායාරූප හයෙන් එකක් ආදරවන්තයා අතට පත්වීමේ ප්‍රශ්නයක් දුරදිග යෑම නිසා සිත් තැවුලට පත් 15 හැවිරිදි සිසුවියක් සිය නිවසේදී ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බව කන්කසන්තුරේ පොලිසිය පවසයි.
පියා අත්හැර යෑමෙන් පසු මව සමඟ හුදෙකලාව ජීවත් වූ මේ සිසුවිය විසින් හැඳුනුම්පත සකස් කිරීම සඳහා ලබා ගත් ඡායාරූප හයෙන් එකක් ඇගේ මිතුරියක විසින් මිය ගිය දැරියගේ පෙම්වතා අතට පත් කිරීමෙන් පසු එය පාසල දක්වා දිග් ගැස්සී යෑම නිසා ඇය මෙසේ සිය දිවි හානි කර ගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
පෙරේදා (18දා) දහවල් 11.50ට පමණ මව සිය නිවෙසේ නොමැති අවස්ථාවක මෙය සිදු වී ඇති බව පොලිසිය පවසයි.
මිය ගොස් ඇත්තේ කන්කසන්තුරේ කීරමලේ ලිපිනයේ පදිංචි 15 හැවිරිදි සේකරම් දර්ශිකා නමැති පාසල් සිසුවියකි.
කන්කසන්තුරේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Loading...

No comments: