Lanka Net Gossip

22 බිරිඳ – 15 තරුණියක් නිවසටම කැඳවාගෙන විත් සැමියා ලවා දූෂණය කරවලා

Loading...

පහළොස් වියැති බාල වයස්කාර දැරියක් රවටාගෙන තම නිවෙසට කැඳවාගෙන ගොස් තම ස්වාමියාට දූෂණය කිරීමට පෙලඹවීම හා අනුබල දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 22 හැවිරිදි කාන්තාවක් සහ බාල වයස්කාර දැරිය නීත්‍යනුකූල භාරකාරිත්වයෙන් අපහරණය කර ස්ත්‍රී දූෂණයක් සිදුකිරීම සම්බන්ධයෙන් ඇයගේ ස්වාමි පුරුෂයාද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 24දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට කන්තලේ මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
රිමාන්ඩ් කරන ලද්දේ කින්නියා කිරිඤ්ඤං කේනි පදිංචි 32 හැවිරිදි එක්දරු පියකු හා සැකකරුගේ බිරිය වන 22 හැවිරිදි කාන්තාවකි.
අගතියට පත් 15 හැවිරිදි දැරියගේ මව විදේශ ගතවී ඇති අතර පියා වෙනත් විවාහයක් කරගෙන පිට ප්‍රදේශයක පදිංචි වී ඇත.
දැරිය මිත්තණිය ළඟ හැදී වැඩී ඇත.
අසල නිවෙසක පදිංචි 22 හැවිරිදි කාන්තාව මේ දැරියට යෝජනා කොට ඇත්තේ තමන්ගේ නිවෙසට ගොස් තම සැමියාගේ බිරියන් ලෙසට විවාහ වී දෙදෙනාම එම නිවෙසේ එකට සතුටින් ජීවත් වෙමු යන්නය.
පසුව දැරිය රවටාගෙන තම නිවෙසට කැන්දාගෙන ගිය සැකකාරිය දැරිය සමඟ අඹු සැමියන් ලෙස හැසිරීමට තම ස්වාමියාට භාරදී ඇත. සැකකරු තම බිරියගේ කැමැත්තෙන් දැරිය කීප විටක්ම දූෂණය කරන ලද බව අධිකරණයේදී අනාවරණය විය.
දැරියගේ මිත්තණිය සිද්ධිය සම්බන්ධයෙන් වාන්ඇළ පොලිසියට පැමිණිලි කොට ඇත.
වාන්ඇළ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Loading...

No comments:

Powered by Blogger.