රටම නිදි අතරේ කුඩු රොෂාන්ගේ අවියෙන් චූටි උක්කුවා ඇතුළු 4කට මරුවා ළංකළ මට්ටක්කුලිය වෙඩිතැබීම
Loading...
කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ රෝහල් ගතකර සිටින දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.
කෙසේ වෙතත් මෙහි පරීක්ෂණ කටයුතු කොළඹ අපරාධ කොට්ඨාශයට වෙත භාරදී තිබෙනවා.
මට්ටක්කුලිය - සමිට්පුර ප්‍රදේශයේදී පාතාල කල්ලි දෙකක් අතර, ඇතිවූ ගැටුමක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුවුණේ ඊයේ රාත්‍රියේයි.
පොලීසිය සඳහන් කළේ හෙරොයින් ජාවාරම්කරුවන් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි.
කුඩු රොෂාන් නැමති පුද්ගලයෙකු ප්‍රමුඛ පිරිසක් විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවට හඳුනාගෙන ඇති බවද පොලීසිය සඳහන් කළා.
මට්ටක්කුලිය - සමිට්පුර තට්ටු නිවාස සංකීර්ණයේ කුඩු රොෂාන් නැමැත්තාගේ නිවස ඉදිරිපිටදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, ඊට සම්බන්ධ පිරිස මේ වනවිට ප්‍රදේශය අතහැර පළාගොස් ඇති බවද වාර්තාවනවා.
වෙඩි තැබීමෙන් චූටි උක්කුවා නැමති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පාතාල කල්ලි සාමාජිකයා සහ ඔහුගේ සමීපතම සඟයා ඇතුලු සිව්දෙනෙකු මියගොස් ඇති බවට පොලීසිය හඳුනාගෙන තිබෙනවා.
මොවුන් අවුරුදු 24 ත් 29 ත් අතර වයස්වල පසුවන්නන් බවයි අනාවරණ වී ඇත්තේ.
වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී ටී 56 වර්ගයේ උණ්ඩ කොපු හතරක් සහ බ්‍රවුනින් වර්ගයේ මිලිමීටර 9 පිස්තෝල උණ්ඩ කොපු දෙකක්ද සොයාගෙන තිබෙනවා.
Loading...

No comments: