Lanka Net Gossip

වැස්ස වැඩිවෙන ලකුණු.. තරමක් තද වැසිද (මිලී මීටර් 75-100 පමණ) ඇතිවීමට ඉඩ ඇති බව කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Loading...

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු සහ දකුණු අර්ධගෝලයන්ගෙන් පැමිණෙන සුළං හමුවන අඩු පීඩන කලාපය) දිවයිනෙහි කාලගුණ තත්ත්වයට බලපෑම් කරමින් තිබෙන බව කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (18) නිකුත් කළ කාලගුණ අනවැකියේ සඳහන් කරන්නේ,මේ හේතුවෙන්, අපරභාගයේ සහ රාත්‍රී කාලයේ අකුණු සහ වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂාකළ හැකි බවය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ‍වන බවත් බස්නාහිර සහ දකුණු පළාත්වල උදැසන කාලයේ දී වැසි ඇති විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.සමහර ස්ථානවලට තරමක් තද වැසිද (මිලී මීටර් 75-100 පමණ) ඇතිවීමට ඉඩ ඇති බව ද නිවේදනයේ සඳහන් වෙයි.
Loading...

No comments:

Powered by Blogger.