Lanka Net Gossip

බැඳුම්කර වංචාවට වැරදිකරු අර්ජුන් මහේන්ද්‍රන්

Loading...

බැඳුම්කර වංචාවට වැරදිකරු අර්ජුන් මහේන්ද්‍රන්

‍පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින්මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයේ වාර්තාව මෙම මස 20දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා කෝප් කමිටුවට ඉදිරිපත් කළ වාර්තාව පදනම් කර ගනිමින් මෙම පරීක්ෂණය පවත්වා තිබේ.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් බෙදුනු වාර්තාවක් කෝප් කමිටුව ඉදිරිපත් කරනු ඇතැයි කෝප් කමිටු ආරංචි මාර්ග සඳහන් කරයි. බහුතර සාමාජික සංඛ්‍යාවක් මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වගකිව යුතු බවට නිර්දේශ කර ඇති බව එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය.කෝප් කමිටුවේ සිටින එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු හා සුළු පක්ෂ මන්ත්‍රීවරු අර්ජුන් මහේන්ද්‍රන් නිදොස් කරමින් සිට නිර්දේශ ඉදිරිපත් කර ඇති බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් බැඳුම්කර ගනුදෙනුවට අදාළව සාමාජික මන්ත්‍රීවරුන් අතර බෙදීමක් ඇතත් ඒ පිළිබඳ වාර්තා දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වෙනුවට එකම වාර්තාවේ නිර්දේශ දෙකක් ලෙස ඉදිරිපත් කිරීමට නියමිතය.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ පරීක්ෂණයට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඇතුළු මහ බැංකුවේ නිලධාරීන් කෝප් කමිටුවට කැඳවා විමර්ශන පසුගිය කාලය පුරාම පවත්වන ලදී.
ලසන්ත වීරකුලසූරිය
Loading...

No comments:

Powered by Blogger.