‘ඇඟ වැහෙන්න ඇඳුම් ඇන්දාට හැදියාව හොඳ වෙන්නෙ නෑ ඇගපෙන්න ඇදන් ආ රුවන්ගි කියපු කතාව බලන්නකො
Loading...
රුවන්ගි රත්නායක කියන්නේ තුරුණු හදවත්වලට ඇසිල්ලකින් සමීප වුණු චරිතයක්.
ඉතාම කෙටි කලකින් සිය කලා හැකියාවන් සමඟ රංගන ක්ෂේත්‍රයේ ඉදිරියට පැමිණීමට ඇයට හැකියාව ලැබී තිබෙනවා.
පළමුව නිරූපණ ක්ෂේත්‍රයෙන් ඇය රංගන වරම් හිමිකර ගත්තා.
ඇය පවුලේ බලකිරිල්ලට තමයි කලා ලෝකයට පා තබලා තිබෙන්නේ.
පසුගිය දා මාධ්‍ය ආයතනයක් සමග රුවන්ගී පහත අයුරින් පවසා තිබුණා.
නිළියකගේ හැදියාවට ඇඳුම බලපානවද?
නිලියකගේ නෙමෙයි කාගේ වුණත් හැදියාවට ඇඳුම
බලපාන්නේ නැහැ. මොකද ඇඟ වැහෙන්න ඇදුම් ඇන්ද කියලා හැදියාව හොඳවෙන්නෙත්
නැහැ. ඇඟ ඕපන් වුණා කියලා හැදියාව නරක වෙන්නෙත් නැහැ.
පසුගිය දවස්වල ඔබගේ විලාසිතා ගැන බොහෝ දෙනෙකුගේ කථාබහට ලක්වුණා අන්තර්ජාලය පුරාවට. ඒ ගැන මොකද හිතෙන්නේ?
(දිග සුසුමක් හෙළමින්) ඒ සම්බන්ධව විශේෂ
අදහසක් නැහැ. මම සමාන්‍යයෙන් අඳිනවට වඩා වෙනස් ඇඳුමක් ඇන්ද නිසා බොහෝ
දෙනෙක් ඒ ගැන කථා කළා.එච්චරයි.
ඔබ ගැමි චරිතවලට වැඩි කැමැත්තක් දක්වනවා කියලා ආරංචියි?
ඒක ඇත්ත කථාවක්. ටෙලි නාට්‍ය රූගත
කිරීම්වලදි මම ගොඩක් වෙලාවට නගරබද චරිත කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මම
ගමත් එක්ක සමීප වුණ චරිත කරන්න ආසයි.
දැන්ම විවාහවෙන්න අදහසක් නැද්ද?
තාම නම් නෑ
ඒ කියන්නේ ඔබ පෙම්වතියක්?
හ්ම්………. ඒක අපි තව ටික දවසකින් කථා කරමු.




Loading...

No comments: