Lanka Net Gossip

දෙන්නම කාර්යබහුලද? ආදරේ අඩුවෙයි කියල බයද? එහෙනම් මෙන්න මේ විදියට වැඩ කරන්න

Loading...


දෙන්නම කාර්යබහුලද? ආදරේ අඩුවෙයි කියල බයද? එහෙනම් මෙන්න මේ විදියට වැඩ කරන්න

ආදරේ කියන එකට ගොඩාක් ම අවශ්‍ය දෙයක් තමා කාලය කියන්නේ, හිතේ හැටියට කතා කරන්න, ආදරෙන් ඉන්න වගේම එකිනෙකාගේ ප්‍රශ්න ඛෙදා හදාගෙන ජීවත් වෙන්නත් කාලය කියන දේ හරිම වැදගත් වෙනවා. මොකද එහෙම එකිනෙකා වෙනුවෙන් වෙලාව වෙන් කරගන්නේ නැති වුනාම තමන්ට තමන්ගේ ජීවිතේ වටිනාම දේවල් මිස් වෙන්න තියෙන ඉඩකඩ හරිම වැඩියි. මේ දින කිහිපයකට කලින් දෙපැත්තට වුන බ්‍රැඩ් පිට් ගෙයි ඇන්ජෙලිනා ජොලී ගෙයි දික්කසාදය ගැන තීරණය මෙහෙම සිදුවීම වලට දෙන්නට පුළුවන් හොඳම උදාහරණයක් තමා.

එහෙත් ඔයාලා දෙන්නම තමන්ගේ රැකියාව නිසා කාර්ය බහුල නම් මොකද කරන්නේ? ඔන්න පුතේ ප්‍රශ්නේ හැදෙන තැන. ඒ වගේම පුදුම තරම් එකිනෙකාගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඉවසන්නත් පුරුදු පුහුණු වෙන්න ඕනේ. අපි කොහොමද ඒක කරන්නේ? ඒක දැනගන්න නම් මේක කියවන්නම වෙනවා

1. හමුවීම් ලැයිස්තු ගත කරන්න

මේක මහා බොළඳ වැඩක් වගේ හිතුනට දෙන්නම තමන්ගේ රස්සා නිසා බිසී වෙනවා නම් මේ වැඩේ හරිම ප්‍රයෝජනවත් වැඩක් වේවි. තමන්ගේ පවුල් ජීවිතේට මුල් තැන දෙන්න උවමනා නිසා රාජකාරි පහුකරගෙන ඒ හමුවීම් කරන්න ගියොත් තමන්ගේ වෘත්තිමය ජීවිතයට ප්‍රශ්නයක් වෙන නිසා. එක හමුවීමක් වෙන දවසට ඊළඟ හමුවීමට දින යොදා ගන්න පුළුවන් නම් ඒක හරිම වටිනවා.

අමතක වෙනවට තම තමන්ගේ ෆෝන් වල රිමයින්ඩර් එකකුත් ඕනේ නම් දාගන්න හැකියි නේ.

2. දුරකතනයට තැනක් දෙන්න

ආදරේ වගේ සුන්දර දෙයක් මැද්දට තාක්ෂනය වගේ දෙයක් ඈඳ ගන්නේ නැතුව ඉන්න ගොඩක් අයට උවමනාව තිබ්බත් අපි ගොඩක් කාර්ය බහුල වෙලාවට එකිනෙකාට කතා කරගන්න එහෙම බැරි නම් ර්‍ණෂ කදඩැ හදම, ෂ පසිි හදම ිද පමජය” වගේ පොඩි පණිවුඩයක් වට්ස් ඇප්, වයිබර් හෝ අලෝ හරහා හරි තියන්න පුලුවන්නම් එය දකින වාරයක් වාරයක් පාසා ඔයාලා දෙදෙනා අතර තියෙන ආදරේ අලුත් නොවෙනවයි කියන්නේ කවුද?

3. ගෙදර ඉන්නවා නම්
රාජකාරි නැති දවස් වල දෙදෙනාම ගෙදර ඉන්නවා නම් දෙන්නට නිවිසැනසිල්ලේ පොඩි කතා බහක් දාගෙන ගෙදර වැඩ ටික ඛෙදාගෙන කරගන්න පුළුවන්. එහෙම කලාම අඩු කාලෙකින් ගෙදර වැඩ ටිකත් හරිම පහසුවෙන් ඉවර කරගන්න පුළුවන්
Loading...

No comments:

Powered by Blogger.