එකම ගමේ හොඳම මිතුරන් දෙන්නා ගිය ගමනින් ගමක්ම කම්පාවට පත්වෙයි
Loading...
උඩුගම මාර්ගයේ සිට තරුණයින් දෙදෙනා පැමිණි යතුරු පැදිය ගාලු පාරට ඇතුලු කිරීමට උස්සාහ කිරීමේදී ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් වාහනයක ගැටී තියෙනවා.
යතුරු පැදියේ ගැටුනු වාහනය නොනවත්වා පලාගිහිල්ලා.
තුවාල ලැබූ තරුණයින් දෙදෙනා ප්‍රදේශවාසින් විසින් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළු කරලා.
රෝහල් ගත කළාට පස්සේ තමයි වයස 18 ක ගාල්ල කටුටගාඩ පදිංචි එම්.එම්.මසාහීර් නම් තරුණයා මිය ගිහිල්ලා තියෙන්නේ.
අනිත් තරුණයා මේ වනවිට කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
රෝහලේ ප්‍රකාශකයකු කිව්වේ තුවාලකරු සිහිසුන්ව තවමත් සිටිනවා කියලයි.
තුවාලකරුද ගාල්ල කටුගොඩම පදිංචි තරුණයෙක්.
මියගිය තරුණයා සහ තුවාල ලැබූ තරුණයා එකම ගමේ මිතුරන් වෙනවා.
ඔවුන් දෙදෙනා ඡුවලරී බඩු සකසන ආයතනයක සේවය කරන අතර ඊයේ රාත්‍ත්‍රී ද සේවය නිමකර නිවසට යමින් සිටින අතරතුර මෙම අනතුර සිදුව ඇත.මියගිය තරැණයා එම පවුලේ එකම දරැවාද වේ.
අනතුර සම්බන්දයෙන් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර ගාලල් වරාය පොලීසිය පරීක්ෂණ පවත්වයි.
Loading...

No comments: