Lanka Net Gossip

ලසන්න මැරැවැයි කියා දිවිනසාගත් බුද්ධි අංශ නිලධාරියා හදිසියේ යළි ගොඩ ආ හැටි

Loading...


මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ තමන් බව පවසමින් ලිපියක් ලියා තබා සියදිවි හානිකර ගත් විශ්‍රාමික හමුදා බුද්ධි අංශ නිලධාරියාගේ දේහය මිහිදන් කර දින තුනකට පසු අද ගොඩගැනුනා.
ඒ ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඞ් සහබ්දීන් ලබාදුන් නියෝගයකට අනුවයි.
කෑගල්ල මහේස්ත්‍රාත් ගිහාන් මීගහගේ ඉදිරියේ දේහය ගොඩගැනීම සිදු කෙරුණු අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක්ද, හිටපු බුද්ධි අංශ නිලධාරියාගේ දේහය මිහිදන් කළ කෑගල්ල - කරඩුපන - පුවක්දෙණිය පොදු සුසාන භූමිය වෙත පැමිණ සිටියා.
කෑගල්ල - කරඩුපන ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි ඉලන්දාරිගේ එදිරිසිංහ ජයමාන්න නමැති අදාළ විශ්‍රාමික බුද්ධි අංශ නිලධාරියා තමන් පදිංචිව සිටි නිවසේ ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන සිටියදී සොයා ගනු ලැබුවේ පසුගිය 14 වැනිදා අලුයම් කාලයේදීයි.
මියයෑමට පෙර ඔහු විසින් ලියන ලද බව කියන ලිපියක් ද සොයාගත් අතර, එහි සටහන් කර තිබුණේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින තම මිතුරා වන මලින්ද උදලාගම නිදහස් කරන ලෙසයි.
කෙසේ නමුත් රහස් පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ මේ වන විට වාර්තා වන්නේ මොහු සියදිවි නසාගන්නට පෙර දිනෙක කොළඹ පැමිණ ඇති බවයි. එලෙසින් පැමිණ ඔහුගේ මිතුරා වන බන්ධනාගාරයේ සිටින උදලාගම මුණගැසී ඇති බවත් පසුව නැවත පැමිණ ඇති බවත් දැනගන්නට ලැබෙනවා.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරන ලැයිස්තුවේ සාජන් මේජර් ජයමාන්න නොසිටි බවට පළවූ ඇතැම් වාර්තා අසත්‍ය වන බව දැන් සොයාගෙන ඇති අතර සැබැවින්ම ඔහු සැකකාර ලැයිස්තුවේ
සිටි ඉදිරියට අත්අඩංගුවට පත්වීමට ඉඩ තිබුණ සැකකරුවෙකු බවටද තොරතුරු හෙළිව ඇත.
ඒ අනුව ජයමාන්න මේ කරුණු පිළිබඳ බියෙන් පසුවී හෝ කිසෙවකු කී නිසා මෙම තීරණය ගෙන තිබෙන බව නිරීක්ෂණය වී තිබේ.
මොහු ප‍්‍රකට දේශපාලනඥයෙකු සමග සමීප සම්බන්ධයක් පවත්වාගෙන තිය අයෙකු බවටත් සියදිවි නසාගැනීමට ආසන්නතම දිනයේ ඔහු කොළඹ ඇවිත් එම තැනැත්තා මුණගැසී ඇති බවටත් තහවුරු කරගතහැකි තොරතුරු මේ වනවිට පොලිසිය සොයාගෙන ඇත.
ඔහුගේ අවසන් ලිපියේ සටහන් වන උදුලාගම වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි කාලයේ සිරගෙදර අය බලන්නට පිටස්තරයින්ට ලැබෙන අවස්ථාව ප‍්‍රයෝජනයට ගෙන අවස්ථා කිහිපයකදීම සාජන් මේජර් ජයමාන්න එහි ගොස් උදුලාගම හමුවී ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.
තමන් අත්අඩංගුවට පත්වන ලැයිස්තුවේ සිටිනා ආරංචිය ඔහුට ලැබී ඇත්තේ අවසන් වරට කොළඹට ආ අවස්ථාවේය. මේ යන විදිහට තමන්ට ගැළවීමක් නැති බව ඔහු ඒ අවස්ථාවේ දැනගෙන ඇත.
අසු වුවහොත් අන් අය පාවාදෙන්නට සිදුවන බියට ඔහු පසුවදා සියදිවි නසාගෙන ඇති අතර රහස් පොලිසිය සිදු කරන විමර්ශනය අනුව මෙම පුද්ගලයා පවසන ආකාරයටම ලසන්ත ඝාතනයට සෘජුව සම්බන්ධවී ඇති බවටද තොරතුරු හෙළිව ඇත.
කෙසේ වෙතත් ඔහුගේ දිවි නසාගැනීම මත මෙම ඝාතනයට සම්බන්ධ අනෙක් සාක්ෂි විනාශවීමක් සිදුවී නැති අතර එයින් සිදුව ඇත්තේ මෙම පුද්ගලයා ඇසුරු කළ අය තවත් සැකයට භාජනයවීමයි.
Loading...

No comments:

Powered by Blogger.