Lanka Net Gossip

රට වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ, රටවෙනුවෙන් අබාධිත වුණු හමුදාවේ ඒ වීරයෝ නිසයි අපි අද සැනසීමෙන් නිදාගන්නේ සහ හුස්ම ගන්නේ.

Loading...

අවුරුදු 30ක් ලංකාවම කළුවර කරලා තිබුණු, ලේ ගඟක් කරලා තිබුණු ඒ යුද්ධය මතක කාටද? කියන ප්‍රශ්නය සර්ව සාධාරණ නැහැ කියලා කාටහරි හිතෙන්න පුළුවන්.
මොකද ඒ තරම් කුරිරු කාලයක් මතකයේවත් තබා ගත යුතු නැතැයි ඔවුන් සිතනවා වෙන්න පුළුවන්.
නමුත් අපි කියනවා ඒ කාලය මතක තබා ගැනීමෙන් අනාගතයේ ඇති වෙන්න හදන ජාතිවාදී ප්‍රශ්න නිර්භීතව අපිට වළක්වන්න පුළුවන් කියා.
ඒ අවුරුදු 30 තුළ ජිවිත කීයක් අපිට නැති වුණාද ? වැන්දඹු කාන්තාවන් කීදෙනෙක් අපිට දකින්න ලැබුණද ?
වර්තමානයේ ඒ කිසිම දෙයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ ඇයි කියන එක අද බොහෝ දෙනෙක්ගේ මතකයේත්  නැහැ.
රට වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ, රටවෙනුවෙන් අබාධිත වුණු හමුදාවේ ඒ වීරයෝ නිසයි අපි අද සැනසීමෙන් නිදාගන්නේ සහ හුස්ම ගන්නේ.
ඒ සැනසීම භුක්ති විදින අපි කියෙන් කීදෙනාද ඒ අබාධිත හමුදා නිලධාරීන් සහ රට වෙනුවෙන් දිවි පුදපූ ඒ අයගේ පවුල් ගැන සොයා බලන්නේ.
මතක තියාගන්න අපි හැමෝටම තියෙන වගකීමක් ඒ අයව බලාගන්න එක. කවුරු හරි ඒක වගකීමක් නෙමේ කියල හිතනවා නම් ඔහුට මේ පොළොවේ හුස්ම ගන්න අයිතියක් නැහැ.
මේ වගකීම අපේ රටේ ඉන්න තරුණ සංගීත නිර්මාණකරුවෙක් බොහොම අපුරුවට ඉෂ්ඨ සිද්ධ කරමින් සිටිනවා. ඒ ඔබ හැමෝම හොඳින් දන්නා හඳුනන රදීශ් වැන්දබොනා…
රදීශ් වැන්දබොනා විසින් නිර්මාණය කළ “අවසන් පෙම මගේ” ගීතයට කර ඇති රූප රචනාවෙන් කියැවෙන්නේ සත්‍ය කතාවක්. යුද්ධ කරලා ගෙදර එන හමුදා නිලධාරියෙකුට වුණු අසාධාරණයක් ගැන.
මේ නිර්මාණය නරඹන සහ Download කරගන්න ඔබ හැමෝම අසරණ හමුදා නිලධාරීන්ට පිහිටක් වෙන බව ඔබ දැනගන්න.
මොකද මේ ගීතයෙන් ලක්ෂ 10ක මුදලක් එකතු කර එය අසරණ වූ රණවිරුවන්ට ලබා දෙන්න රදීශ් ඇතුළු කණ්ඩායම බලාපොරොත්තු වන නිසා.
පහත තියෙන්නේ එම ගීතයයි.

Loading...

No comments:

Powered by Blogger.