පරිනීතිට දරන්න බැරිවූ උන්මාදය ඇය වටකරගෙන සිටි රසික පිරිස මැයට කරපු දේ බලන්නකො
Loading...
මෑතකදී ඇය පළමු වතාවට විදේශ ප්‍රසංග චාරිකාවකටත් එක්වුණා. එය නම් කර තිබුණේ ‘ද ඩ්‍රීම් ටුවර්’ යනුවෙන්. බොලිවුඩ් සිනමාවේ තවත් කලාකරුවන් ද සහභාගි වූ මේ ප්‍රසංග සංචාරයේදී පරිනීතිගේ රසික පිරිස කිහිප ගුණයකින් වර්ධනය වුණා. ඇතැම් රසික රසිකාවියන් පරිනීතියට කෙතරම් ඇලුම් කළාදැයි කිවහොත් ඔවුන් ඇය යන යන තැන ඇය වටා රොද බඳින්නට පටන්ගත්තා.
මෙවැනි රසික උන්මාදයක් පරිනීති වටා ගොනු වී තිබෙන වාතාවරණයකදී පසුගිය සතියේ ඇය විදේශ සංචාරය නිමා කර ගෝව ගුවන් තොටුපළින් සිය රටට පැමිණියා. ඇය එන බව දැනගත් ඇගේ රසික රසිකාවියන් විශාල පිරිසක් ගුවන් තොටුපළට පැමිණ සිටියා.
ගුවන් යානයෙන් නික්ම ගුවන් තොට පර්යන්තයට පැමිණෙන තුරු ඉතාමත් නොඉවසිල්ලෙන් සිටි රසික කැල පරිනීති දුටු වහාම ඇයව වටකර ගත්තා. බොහෝ දෙනකු ඇය සමඟ සෙල්ෆී ඡායාරූප ගන්නට දැඩි පරිශ්‍රමයක් දැරුවේ එකිනෙකාට තෙරපෙමින්.
මුලදී සෙල්ෆී ඡායාරූපවලට පෙනී සිටි පරිනීති එතැනින් ඉවතට යන්නට උත්සාහ කළේ ‘තත්ත්වය’ බැරෑරුම් වන බව දුටුව නිසයි. ඇය වටකරගෙන සිටි රසික පිරිස එන්න එන්නම වැඩි වුණා. පරිනීතිට හුස්මක් ගන්නවත් ඉඩක් තිබුණෙ නැහැ.
එහි සිටි ආරක්ෂක නිලධාරීන් පරිනීතිගේ අපහසුව තේරුම් ගන්නට වැඩි වෙලාවක් ගතවුණේ නැහැ. පරිනීතිව ඉක්මණින්ම එතැනින් ඉවත් කරගත් ආරක්ෂක නිලධාරීන් ඇයව ගුවන් තොටුපළේ පිහිටි අවන්හලක් වෙත රැගෙන ගියා. ඉන් පසුව තමයි පරිනීතිට නිදහසේ හුස්ම ගන්නට හැකියාව ලැබුණේ.
Loading...

No comments: