Lanka Net Gossip

කොරේ පිටට මරේ නියඟය අතරේ සූරියවැව ගමට කට්ටියක් ඇවිත් කරපු අපරාධයක් බලන්නකො කරපු විනාසයක්

Loading...


සූරියවැව යාය 550 ගමේ අය වගා කටයුතු වලට ජලය ලබාගන්නේ 550 වැවෙන්. මේ දවස් වල තද පෑවිල්ල නිසා වැවේ වතුර අඩුවෙලා.
මේ අතරේ අල්ලපු ගමක තරුණයෝ කට්ටියක් ඇවිත් වතුර අඩුවුනු මාළු අල්ලන්න කියලා හිතාගෙන වැවේ සොරොච්ච කඩලා.
ඉතුරු වෙච්ච වතුර ටිකත් නිකරුණේ අහක යනවා දැකලා කලබලවුනු ගමේ අය ඒ ගැන අල්ලපු ගමේ තරුණයොත් එක්ක බහින් බස්වීමක් ඇතිවෙලා.
මේ වෙලාවේ අල්ලපු ගමෙන් ආපු අය ගමේ අයට පහරදීලා.
කුඩා දරුවෙක් ඇතුළු තුන්දෙනෙක් තුවාල වෙලා.
මේ පහරදීම සම්බන්ධයෙන් සූරිය වැව පොලීසියෙන් තවමත් කාවත් අත්අඩංගුවට අරගෙන නැහැ.
මාළු වතුර නැතිව මැරෙනවා බලන් ඉන්න බැරිම තැන ගම්මු වැවේ තැනින් තැන තියෙන වළවල් වලට වතුර දාලා මාළුන්ගේ ජීවිත බේරගන්න ලොකු උත්සාහයක් දරනවා.
ගමේ අය කියන්නේ අක්කර 500ක් විතර වගා ඉඩම් වලට වතුරදෙන මහවැලියට අයත් 550 වැව ඉක්මනටම හදලා දෙන්න කියලා.
Loading...

No comments:

Powered by Blogger.