Lanka Net Gossip

කඳුරුවෙල නගරයට අලි කරදරයක් කඳුරුවෙල නගරයට කඩාපැන්න අලියාගේ පහරින් කතක් මරුට

Loading...

කඳුරුවෙල නගරය ආසන්නයට අද අලුයම කඩා වැදුණු වන අලියෙකු සිදුකරන ලද පහරදීමක් හේතුවෙන් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද උදෑසන 5.00ට පමණ පොළොන්නරුව පූජභූමිය ප්‍රදේශයේ  සිට කඩා වැදුණු වන අලියා නිවසකට පහරදී අලාභහානී සිදුකර ඇති අතර ඉන් පසු කඳුරුවෙල මහ විද්‍යාලයේ  ආරක්ෂක බැම්මට ද පහර දී ඇති බව සඳහන්ය.

ඉන් අනතුරුව පාසල ආසන්නයේ පිහිටි නිවසක මිදුලේ සිටි කාන්තාවක වන අලියාගේ පහරකෑමට ලක්ව ඇති බව වාර්තා වේ.

එහිදී අදාළ කාන්තාව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති  බව පොලීසිය සඳහන් කළේය.

 මියගොස් ඇත්තේ 64 හැවිරිදි කාන්තාවක් බව සඳහන්ය.
Loading...

No comments:

Powered by Blogger.