අතේ සල්ලි තියෙනවනම්, ජයට මගුලක් කන්න හුඟක් අය කැමතියි මෙන්න එහෙනම් සුපිරි වැඩක් වෙඩින් කාඩ් වෙනුවට වෙඩින් ස්ක්රීන්
Loading...
ඒ නිසාම මඟුල් ගෙදරට එන්න කියල එවන ආරාධනා පත්රයත් ටිකක් අලුත් විදිහට හදන්නයි මේ වෙද්දී ගොඩක් අය උනන්දු.
මේ කියන්න යන්නේ අන්න ඒ වාගේ ආරාධනා පත්රයක් ගැන.
ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂේ හිටපු නායක ජනර්ධාන් රෙඩ්ඩී ගේ දියණියගේ විවාහය වෙනුවෙන් සකස් කරපු ආරාධනා පත්රය ඇතුලේ LCD තිරයක් තියෙනවා.
විවාහයේ විස්තර පත්රිකාව කියවන්නත් කලින් මේ තිරයේ දිස්වෙන්නේ විවාහ වෙන්න නියමිත යුවලගේ වීඩියෝවක්.
විනාඩියකට වැඩි කාලයක් දිවෙන මේ වීඩියෝවේ, මනමාලි – මනමාලය වගේම ඒ දෙන්නගේ පවුලේ අයත් ඉන්නවා.
ඒ විතරක් නෙමෙයි, මේ වීඩියෝවේ දැක්වෙන ගීතය මේ වෙනුවෙන් ම හදාපු එකක්.
මේ ආරාධනාපත්රය වෙනුවෙන් එකකට ඉන්දීය රුපියල් 4000 ක් පමණ වැය වුනා කියල නිල නොවන වාර්තා සඳහන් කරනවා.
ජනර්ධාන් රෙඩ්ඩී අනවසරයෙන් සිදුකල පතල් කැනීම් සම්බන්ද නඩුවකත් පැටලිලා ඇප පිට නිදහස්වෙලා ඉන්නේ.
Loading...

No comments: