Lanka Net Gossip

බස්වලට නැගලා පොඩි එකෙක්ගේ ජීවිතයට බරපතල අපරාධයක් කරන වංචාකාරයා

Loading...



මහන්සි වෙලා කියක් හරි හරිහම්බ කරන මිනිස්සු මුදල් කොච්චර වටිනවද? මනුස්සකම කොච්චර වටිනවද? කියලා හොඳින් දන්නවා.
එහෙම නොදන්න බොහොම සුළු පිරිසක් ඕනෑ තරම් බොරු හේතු මවාගෙන යාචකයෙක් ලෙස ජිවිත ගත කරනවා. ඔවුන් සිඟමනේ යෙදෙන්නේ අසරණකම නිසා කියා කියන්න මම බිය වන්නේ නැහැ. නමුත් එයින් සමහරුන් වංචනිකයින් කියන්න මම බිය වන්නේ නැහැ.
මේ සිඟමනේ යෙදෙන එක සමහරුන්ට ව්‍යාපාරයක් වෙලා තියෙනවා. මා හිතනවා ඒ ගැන ඔබව අමුතුවෙන් දැනුවත් කිරීමේ පලක් නෑ කියා.
ළමා මෙහෙකාර සේවය ලංකාවේ තහනම් වුණත් පාරේ තොටේ, බස් එකේ යන අපිට ඕනෑ තරම් සිඟමනේ යෙදෙන ළමයි දකින්න පුළුවන්. සමහර ළමයින්ව සමහරු අරගෙන එනවා. ඒ එයාලාගේම අම්මා තාත්තා වෙන අවස්ථාත් තියෙනවා.
හලාවත ඉඳලා කොළඹ එන බස් එකට මඟදී ගොඩ වුණා යාචකයෙක්. ඔහු පුංචි දරුවෙකුත් වඩාගෙන හිටියා. හැමෝගෙම අතට බුදු බණ තියෙන පුංචි පොත බැගින් තියපු ඔහු මෙහෙම කිව්වා.
“මගේ දරුවට ස්නායු අබාධයක් තියෙනවා මහත්තයෝ. කතා කරන්න තියා මොකවත්ම තේරෙන්නේ නැහැ. දොස්තරලා නම් කියනවා මේක හොඳ කරන්න පුළුවන් කියලා. එත් මා ළඟ ඒකට සල්ලි නෑ. මගේ බිරිඳ හදිසි අනතුරකින් ජීවිතය දාලා ගියා. එදා ඉඳන් මට කර කියා ගන්න දෙයක් තිබ්බේ නැහැ. මට හිඟා කනවා ඇරෙන්න වෙන දෙයක් තිබ්බේ නැහැ මහත්තයෝ. ඔය පොත අරගෙන මට කියක් හරි දුන්නොත් එක ඔය නෝනලා මහත්තයලට ගොඩක් පිං”
ඔහු කිව්ව ඒ වදන් වලට හිත උණු වෙච්ච ගොඩක් අය ඒ මනුස්සයට සල්ලි දුන්නා. මාත් රුපියල් 10ක් දුන්නා. කවුරුත් ඒ පොත් නම් ගත්තේ නැහැ.
මේ පුංචි ළමයා අර මනුස්සය දුක ගැන කියන වෙලාවේ ඔළුව හොල්ල හොල්ල හිටියට බස් එක පිටිපස්සට ආපුවම මම දැක්ක දෙයින් මටම ඇතිවුණේ ලොකු කේන්තියක්.
ඒ පුංචි එකා වගේම ඒ මනුස්සයත් කරලා තියෙන්නේ ලොකු බොරුවක්. කතා කරන්න බෑ වගේ ඔලුව හොල්ලපු පුංචි දරුවා බොහොම හොඳට කතා කර කර තාත්තා කියමින් ඒ පුද්ගලයා එක්ක සල්ලි ගණන් කළා.
මම හිතන විදියට රුපියල් 5000කට වඩා ඔවුන් ඒ වෙලාවේ ගණන් කළා. අපි කොච්චර මහන්සි වෙලාද දවසට 1000ක් හරි හොයාගන්නේ. ඉතින් මේ වගේ බොරු කියලා හම්බකරන මිනිස්සු දැක්කම හිතට දැනෙන වේදනාව කේන්තිය කියල නිම කරන්න බැරිවෙයි.
මට තව එක දෙයක් ඇහුණා පුංචි එකා කියනවා. ඒ තමා අම්මා ගැන. මතකනේ දුක කියන වෙලාවේ ඒ මනුස්සය කිව්වේ බිරිඳ රිය අනතුරකින් මැරුණා කියලා. හැබැයි මට ඇහුණා පුංචි එකා කියනවා “අම්මා ගෙදර අද අපි යමු” කියනවා.
එත් එක්කම අර මනුස්සය පුංචි එකාගේ කටවහන්න ඕන නිසාද මන්දා පොඩ්ඩගේ කලිසම් සාක්කුවට රුපියල් 100 කොළ 10ක් විතර දැම්මා.
මුලදී ළමයා ගැන ලොකු වේදනාවක් පෙන්නපු ඒ මනුස්සයා බස් එකෙන් බැහැලා යනකොට කිසිම අනුකම්පාවක් තිබ්බේ නම් නැහැ.
මේ පුද්ගලයා වංචාවෙන් මුදල් හම්බකරනවා විතරක් නෙමේ අර අහිංසක ලමයවත් ඒකට හවුල් කරගෙන ජිවිතේ අගාධයකට තල්ලු කරනවා.
මම මේ සිද්ධිය පුළුවන් ප්‍රමාණයක් ඔවුන්ට හොරෙන් වීඩියෝ කළා. බලන්නකෝ මෙයාලා සල්ලි ගනින හැටි සහ කිසිම ගානක් නැතිව අර මනුස්සය ළමයව පාපුවරුවේ දාගෙන යන හැටි.
Loading...

No comments:

Powered by Blogger.