තාජුදීන්ගේ අස්ථි කොටස් සොයා රහස් පොලීසිය SAITM යයි
Loading...
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (03) ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුවය.
අදාළ නිලධාරීන් සමග වෛද්‍ය විශේෂඥයින් කණ්ඩායමක්ද එහි ගිය බවද සඳහන්ය.
තාජුදීන්ගේ දේහය පිළිබඳ පළමු මරණ පරීක්‍ෂණය සිදුකරනු ලැබ ඇත්තේ කොළඹ හිටපු ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා විසිනි.
ඔහු මේ වනවිට මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙසද කටයුතු කරයි.
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උප කුලපති වන විශේෂඥ වෛද්‍ය ආනන්ද සමරසේකර මහතාට අපරාධ පරීක්ෂණ අංශය විසින් ගොනු කරණු ලැබූ පෙත්සමකට අනුව මෙම පරීක්ෂණ සිදු කරයි.
තාජුදීන්ගේ සිරුරෙන් අස්ථානගත වු කොටස් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ රසායනාගාරයට ගෙන ගොස් ඇති බවටද වාර්තා පළ වුණි.
ඒ අනුව මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂණාගාරයට පරීක්ෂා කිරීම සිදුවෙයි
Loading...
No comments: