Lanka Net Gossip

වයස 30දී නරුමයින් 14දෙනෙකුගේ අතින් සමූහ දූෂණය වූ ඇය වසර 14කට පසු අද ඉන්න තැන බ්ලන්නකො කිසිම දෙකින් නොසැලුනු තරුණියගේ කතාව මෙන්න

Loading...

සමහර මිනිස්සුන්ට ජීවිතේ වරදින තැන් තියෙනවා. ඒ ඔවුන් හිතාමතා නෙවෙයි, තවත් කෙනෙකුගේ අධම වැඩක් නිසා. මේත් ඒ විදියට අධමයින් පිරිසකගේ ගොදුරක් වෙලා ජීවිතය ජයගත්ත කාන්තාවක්. ඇයගේ නම Mukhtar Mai. ජීවිත් වෙන්නේ පාකිස්ථානයේ.
මීට වසර 14කට කලින් ඇය නරුමයින් 14 දෙනෙකුගේ අතින් සමූහ දූෂණයට ලක්වෙනවා. එතකොට ඇයගේ වයස අවුරුදු 30ක්. ඇය මහපාරේ නිරුවත්ව ඒ මේ අත යන්නේ ජීවිතේ කාන්තාවක් මුහුණදෙන්න පුලුවන් උපරිම වේදනාවන් ගොන්නක් විඳගෙන.
ඒත් ඇය තමන්ට ලැබුණු මනුස්ස ජීවිතේ නැතිකරගන්න උත්සාහ කරන්නේ නෑ, ඇයගේ තමන්ගේ ධෛර්යෙන් නැගිටිනවා. ඇයව සමූහ දූෂණයට ලක්කරපු නරුමයින්ට දඬුවම් නියම වුනත් ඔවුන් ඇපෑල මඟින් අධිකරණයෙන් ඇප අරන් නිදහස් වෙනවා.
ඇය ඔවුන් පස්සේ පන්නන්න ගියේ නෑ, ඒත් අනාගතේ සාර්ථක කරගන්න ඇය නොකරපු දෙයක් නෑ, දැන් ඇයට වයස අවුරුදු 44ක්. ''තම තබන එක අඩියකින් හරි එක කාන්තාවකට වුණත් උදව්වක් වෙනවා නම් මම සතුටු වෙනවා'' ඇය ඒ විදියටයි කාන්තාවන් වෙනුවෙන් මේ වෙද්දිත් පෙනී ඉන්නේ.
ඇය මේ වෙද්දි ජාත්‍යන්තර වශයෙන් නමක් දිනාගෙන ඉන්න චරිතයක්. ඒ කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කරන සමාජිකාවක් විදියට. පෙරේදා (3) පාකිස්ථානයේ විලාසිතා ප්‍රදර්ශනයක් පැවැත්වුණා.
ඒක බලන්න ආපු හැමෝවම පුදුම කරලා මේ කාන්තාව වේදිකාව දිගේ ඇවිදගෙන ආවා. හැමෝම තමන් ඉඳගෙන හිටපු අසුන් වලින් නැගිටලා ඇයට අත්පොලසන් දුන්නා. ඒ වෙන දෙයක් නිසා නෙවෙයි, ජීවිතේ ජයගත්ත ඇයගේ කතාව දන්න ඔවුන් මේ වගේ දිරිය කාන්තාවක් වෙන්න ඇයට හිතේ තිබ්බ හයිය ගැන ආඩම්බර වෙන නිසා.
අපිට ජීවිතේ සමහර තැන්වල වරදිනවා, ඒත් පිළියම දිවිනසාගැනීම නෙවෙයි, ජීවිතේට ආදරෙන් ජීවත්වෙන වීම.
Loading...

No comments:

Powered by Blogger.