මහින්දගේ අලුත් පක්ෂය මෙන්න
Loading...
වසරකට වැඩි කාලයක් තිස්සේ නව දේශපාලන පක්ෂයක් බිහිකරන බව කියමින් සිටි ඒකාබද්ධ විපක්ෂය ‘ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණ’ නමින් එම පක්ෂය එළිදක්වයි.
මහාචාර්ය ජී.එල්. පීරිස් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණ පක්ෂයේ සභාපතිවරයා වෙයි. ‘නෙළුම් මල් පොහොට්ටුව’ නව පක්ෂයේ ලාංඡනයයි.
දැනට පිළිගෙන ඇති දේශපාලන පක්ෂ 64න් එක් පක්ෂයක් වශයෙන් මෙම පක්ෂය මැතිවරණ කොමිසම විසින් පෙරේදා (1දා) පිළිගනු ලැබීය.
පිළිගත් දේශපාලන පක්ෂයක් වශයෙන් පැවැති ‘අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ’ නම සංශෝධනයට ලක්කිරීමෙන් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණ බිහිකර තිබේ.
විමල් ගීගනගේ මහතා අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ පක්ෂයේ සභාපතිත්වය දැරූ අතර සාගර කාරියවසම් මහතා ලේකම් තනතුර හෙබවීය. නව පක්ෂයේ ලේකම්වරයා වශයෙන්ද කටයුතු කරන්නේ සාගර කාරියවසම් මහතාය.
මැතිවරණ කොමිසම නිල වශයෙන් පිළිගත් පක්ෂය සාමාජිකයන් දස ලක්ෂයක් බඳවා ගෙන ගම් මට්ටමින් ශාඛා සංවිධාන 12,000ක් පිහිටුවා අවසන් කළ පසු ජනතාව හමුවේ කලඑළි දක්වන බව මෙම පක්ෂය පිහිටුවීමේ පුරෝගාමියා වූ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ‘මව්බිම’ට කීවේය.
මේ වන විටත් ගම් මට්ටමින් සංවිධාන ආරම්භ කිරීම සඳහා ඉල්ලුම්පත් 3,600ක් ලැබී ඇති බවද අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශාඛා පිහිටුවීම ආරම්භ කර තිබෙන බවද හෙතෙම කීය.
ආප්පයක් හදන විට යටින් උඩින් දෙකෙන්ම ගින්දර දමනවා. අපි දැනට දාලා තියෙන්නේ උඩින් ගින්දර විතරයි. යටින් ගින්දර දමන්නේ ඊළඟටයි’ යනුවෙන් ඒ මහතා පැවැසුවේය.
Loading...
No comments: