Lanka Net Gossip

මිය ගිය පුංචි අමන්දිගේ ජිවිතය යළි ජිවත් කරන්න අම්මයි තාත්තයි කළ පුණ්‍යකර්මය

Loading...


හෘද වස්තුවේ ඇති වූ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටියදී හදිසියේ ජීවිතයෙන් සමුගත් වයස අවුරුදු 6ක් වන දියණියගේ නිරෝගී දෙනෙත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඇස් වාට්ටුවේ පිහිටි අක්ෂිදාන සංගමය වෙත පරිත්‍යාග කිරීමට මියගිය දැරියගේ මවුපියන් විසින් පසුගියදා (16දා) මධ්‍යම රාත්‍රියේ කටයුතු කර තිබේ.
අනුරාධපුර අක්ෂිදාන සංගමයේ ශාඛාවට මියගිය පුද්ගලයන්ගේ දෙනෙත් විශාල වශයෙන් ලැබී තිබුණත් වයස අවුරුදු හයක දියණියකගේ දෙඇස් පරිත්‍යාග කළ ප්‍රථම අවස්ථාව මෙය බවට වාර්තා විය. සිය දියණියගේ නිරෝගී වටිනා දෙනෙත පසට යට කිරීමට වඩා අන්ධ භාවයෙන් පෙළෙන අයකුට පෙනීම ලබා ගැනීමට පරිත්‍යාග කිරීම සත්ක්‍රියාවක් බව අනුරාධපුර උණගස්වැව පදිංචි මවුපිය යුවළ තීරණය කර තිබිණි.
අනුරාධපුර උණගස්වැව ලිපිනයේ පදිංචිව සිටි ආර්. චමල්ෂා අමන්දි (6) දැරිය පසුගිය 16 වැනිදා මධ්‍යම රාත්‍රියට ආසන්න වෙද්දී අනුරාධපුර ශික්ෂණ රෝහලේදී හෘදයාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී සිය ජීවිතයෙන් සමුගෙන තිබුණාය. ඇය අනුරාධපුර දීපානි මහා විද්‍යාලයේ පළමු වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑවාය. මියගිය දියණියගේ පියා වන ආර්. චමින්ද ප්‍රදීප් නාලක (37) මහතා එම පරිත්‍යාගය පිළිබඳ මෙසේ පැවැසීය.
දුව හෘදයාබාධයකින් මියගිය නමුත් එයාගේ වටිනා නිරෝගී ඇස් දෙක දන්දීලා තවත් ඇස් නොපෙනෙන අයකුගේ දෙනෙත් පාදන්න ඕනෑ කියලා දුව මියගිය විගසම අපි තීරණය කළා. මගේ පියා වූ ආර්. සී. ප්‍රේමදාස (67) මියගිය අවස්ථාවෙත් ඔහුගේ දෙනෙත් අපි අක්ෂිදාන සංගමයට දන් දුන්නා. මගේ දුවගේ වියෝව නම් දරාගන්න බෑ. නමුත් දරුවගේ මුළු සිරුරම පසට නිකරුණේ යට නොකර ඇස් දෙක දන් දුන්නා. ඒකෙන් තවත් අයකු පෙනීම ලබා ගනියි කියලා හිතනකොට අපිට දුව සදහටම නැති වුවත් එයා වෙනුවෙන් මහා පුණ්‍යකර්මයක් කළා කියලා සතුටු වෙන්න පුළුවන්.
Loading...

No comments:

Powered by Blogger.