Lanka Net Gossip

සෞදි මරණ දණ්ඩනයෙන් බේරී ලංකාවට ආපු රානි හැඬු කඳුළින් කිව්ව සංවේදී කතාව මෙන්න බලන්නකො

Loading...



සෞදි බන්ධනාගාරයක වසර 10ක සිරදඩුවම් ලැබූ පසුව එරට අධිකරණයකින් නියම කළ ස්ථානයකදී ගෙල සිද මරණ දඩුවම Death Penalty ලබාදීමට නියම වූ තමන්ට සෞදි මරණ දඩුවමින් නිදහස ලැබුණේ වරදක් සිදු කර නොමැති නිසාවෙන් බව කලාවැව 44 කණුව ප්‍රදේශයේ පදිංචි රාණි මාණික්කම් එක්දරු මව කටුනායක සහන පියසේදී පැවැසුවාය.
2014 වසරේදී පෞද්ගලික විදේශ රැකියා ආයතනයකින් සෞදි අරාබියේ නිවෙසක පිරිසුදුකරන්නියක් ලෙසට සේවය කිරීමට රැකියා ගිවිසුම් ගෙන විදේශ ගතවූ බවත් සෞදි අරාබියේ අල් බුරියන් ප්‍රදේශයේ නිවෙසක කුඩා දරුවන් 6දෙනකුගේ සියලු කටයුතු තමන්ට කිරීමට සිදුවූ බව ඇය හැඩූ කදුළින් පවසා සිටියාය.
සෞදි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර මෙම සිදුවීම ශ්‍රී ලංකා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියට දැන්වීමෙන් පසුව අමාත්‍යවරියගේ දැඩි කැපවීම මත රානි මාණික්කම් මහත්මිය මරණ දඩුවමින් නිදහස ලැබූ බව විදේශ සේවා හා රැකියා කටයුතු අමාත්‍යංශය කීවේය
Loading...

No comments:

Powered by Blogger.