Lanka Net Gossip

දරු ඵල නැත්නම් මිථ්‍යා ඇදහිලි වලට යොමුවන්න එපා. මේ ගැනත් හිතන් මොහොතක් කියවන්න හැකිතක් Share කර අම්මා කෙනෙක්ට පිහිට වෙන්න

Loading...

දරු සම්පත මෙලොව ඇති වටිනාම සම්පතයි. එබැවින් විවාහ පත් ඕනෑම යුවලකගේ ඊළ`ග බලාපොරොත්තුව දරු සිහිනය සැබෑ කර ගැනීමයි. එම බලාපොරොත්තුව ඉටු නොවන කල සමාජයේ ඇ`ගිල්ල වැඩිපුරම දිගු වන්නේ කාන්තාව වෙතටය. දරුවන් නොමැති වීමත් සමාජයෙන් හා තම නෑදෑ හිතමිතුරන්ගෙන් එල්ල වන අධික මානසික පීඩනයත් නිසා දරුඵල අහිමි කාන්තාව මානසික වශයෙන් බොහෝ අසරණ තත්ත්වයකට පත්වේ. රැකියාවන්හි නිරත වන කාන්තාවන් මේ හේතුවෙන් දැඩි මානසික පීඩනය වි`ද දරා ගැනීමට නොහැකිව රැකියාවෙන් ඈත් වී ගෙදරට සීමා වී හුදකලාව තම ජීවිතය ගත කරන අවස්‌ථාද එමටය.

අවසානයේ ඔවුන් තම දරුඵල සිහිනය කෙසේ හෝ සැබෑ කර ගැනීමට සියලු විද්‍යාත්මක හා තර්කානුකූල ක්‍රම පසෙකලා මිථ්‍යා විශ්වාස ගොන්නක්‌ දේවත්වයෙන් අදහමින් බලි තොවිල් දේව පූජා වැනි ක්‍රම වෙත යොමු වන අයුරු සුලභව දැකිය හැකිය. මෙයින් වටිනා කාලය මෙන්ම ඔවුන්ගේ මුදල්ද නාස්‌ති වන බව ඔවුන්ට නොදැනෙන්නේ ඔවුන්ගේ ප්‍රධානම අරමුණ සමාජයෙන් ඔවුන් වෙත එල්ලවන අධික මානසික පීඩනය හා ව`ද භාවය නමැති ලේබලය කෙසේ හෝ ගලවා ගැනීම වන බැවිනි. මෙවන් මානසික අපගමනය තුළ මොවුන් නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර හා ආගමික වත් පිළිවෙත් පසෙකලා මිථ්‍යාදෘෂ්ටික අදහස්‌ හා මතිමතාන්තරවල එල්බ සිටිනු පෙනේ.

දරුඵල අහිමි කාන්තාව දෙසට වැඩිබරක්‌ පැටවූවද නවීන විද්‍යාත්මකව ගත් කල දරුවකු පිළිසි`ද ගැනීම කෙරෙහි 35% කාන්තාවත් 35% පිරිමියාත්, 20% දෙදෙනාගේම සාධකත්, 10% තවමත් පැහැදිලි නොවන කරුණුත් හේතු වන බැව් සොයා ගෙන ඇත. මෙහිදී කාන්තාවන්ට පවතින ගැටලු සම්බන්ධව ගත් කල ගැබ්ගෙලෙහි පවතින තද ගතිය ගර්භාෂයේ පවතින සංකූලතා පැලෝපීය නාල විෂමතාවන් සහ ඩිම්බ මෝචනය පිළිබ`ද ගැටලු ප්‍රධානවම දැකිය හැකිය. පිරිමි පාර්ශවය සම්බන්ධව ගත් කල පුරුෂයන්ගේ ලිංගික ශක්‌තිය හා ධාතු ශක්‌තියේ ඇති අසාමාන්‍යතා ගැබ් ගැනීම ප්‍රමාද වීමට හේතු වේ. මෙහිදී වැදගත් වනුයේ් ඉක්‌මනින්ම සුදුසු වෛද්‍යවරයෙකු හමුවී තම තමාගේ දරුඵල ප්‍රමාද වීමට හේතු අවබෝධ කරගෙන ඒවාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමයි. බොහෝ විට දක්‌නට ලැඛෙන්නේ එවැනි ප්‍රතිකාර ක්‍රම වෙත යොමු නොවී යකදුරන්ගේ කූට උපක්‍රමවලට හසු වූ කාන්තාවන්ය.

බෞද්ධ දර්ශනය තුළින් මෙම ගැටලු දෙස බැලීමට බොහෝ දෙනා යොමුවන්නේ ඉතා කලාතුරකිනි. තථාගතයන් වහන්සේ දේශනා කළ පරිදි (ම-ක‍ධිම නිකායේ මහා තණ්‌හා සංඛය සුත්‍රයට අනුව) බිලි`දකු පිළිසි`ද ගැනීමට සපුරාලිය යුතු කරුණු 3 ක්‌ අවශ්‍ය වේ.

1. මව්පිය සංසර්ගය

2. මව සෘතු වීම.

3. විඤ්ඤාණයාගේ පහළ වීම.

මෙහිදී වෛද්‍ය විද්‍යාත්මකව මවුපිය සංසර්ගය සාර්ථක නොවන අඹුසැමියන් උදෙසා ෂෂ ෂෂ වැනි තාක්‌ෂණික ප්‍රතිකාර ම`ගින් එම ගැටලු හරවා ගත හැකි අතර මවගේ සෘතු වීම ඩිම්බ පුපුරා යාම, නවීන ප්‍රතිකාර ම`ගින් ඉටුකර ගත්තද විඤ්ඤාණයාගේ පහළ වීම හුදෙක්‌ අඹුසැමි යුවලගේ කුසලය තුළ සිදු වේ. එබැවින් සියලු ප්‍රතිකාර වලින් ප්‍රතිඵල අහිමි වූ අඹුසැමියන්ට කෙසේ හෝ බලාපොරොත්තුවක්‌ තබා ගත හැකි එකම මාර්ගය වන්නේ විඤ්ඤාණයාගේ පහල වීම උදෙසා හැකි පමණ ආගමික කටයුතුවල නිරතවෙමින් තමාගේ අධ්‍යාත්මික ගුණ වගාව දියුණු කර ගැනීමයි. ඒ ස`දහා බෝධි පූජා, භාවනා, සීල සමාදාන වැඩසටහන්වලින් අත්වන මෙහෙය අති මහත්ය. දරුඵල අහිමි වීම සම්බන්ධව සමාජයේ ඇති මතිමතාන්තර බොහෝය. නමුත් මෙහිදී වැදගත් වනුයේ මිථ්‍යා ඇදහිලිවලින් වෙන්ව තමාගේ අධ්‍යාත්මික ගුණ වගාව දියුණු කොට සිතේ කලකිරුණු ස්‌වභාවය නැති කොට නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු වී දරුඵල සිහිනය සැබෑ කර ගැනීමයි.

මහමෝදර ශික්‌ෂණ රෝහලේ ප්‍රසව හා නාරි රෝග පිළිබඳ
විශේෂඥ වෛද්‍ය රොහාන් ලියනගේ
Loading...

No comments:

Powered by Blogger.