Lanka Net Gossip

ජාත්‍යන්තර පාපන්දු තරග 128 ක්, ගෝල 129 ක් දඩල්ල පොදු සුසානභුමියේ මිනී වලවල් කපන එකයි තණකොළ කපන එකයි තමයි චන්නගේ රස්සාව.

Loading...


මේ කියන්න යන්නේ චන්න ගැන. ගාල්ල, දඩල්ල පොදු සුසානභුමියේ මිනී වලවල් කපන එකයි තණකොළ කපන එකයි තමයි චන්නගේ රස්සාව.
ඊ. බී. චන්න ජීවත්වෙන්නේ ගාල්ල අම්බලන්වත්ත බෝගහවත්තේ තියෙන කුලී කඩ කාමරයක. ඒ දරුවෝ තුන්දෙනයි බිරිඳයි එක්ක.
තමන්ගේ ජිවිතේ වගේම ඒ ජිවීතත් ජිවත් කරවන්න තමයි චන්න මිනී වලවල් හාරන්නේ.
ඊ. බී. චන්න, 1998 වසරේ ඉඳන් 2014 දක්වා අවුරුදු 16 ක් අපේ ජාතික පාපන්දු කණ්ඩායමේ සාමාජිකයෙක්. 2012 වසරේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකයා වුණෙත් චන්න.
ජාත්‍යන්තර පාපන්දු තරග 128 ක්, තමන්ගේ නම ඉස්සරහ ලියවුණු ගෝල 129 ක් විතරක් නෙමෙයි, ජාත්‍යන්තර තරග දෙකකදී ලද හොඳම ක්‍රීඩකයා සම්මානත් එක්ක 2014 අවුරුද්දේ පාපන්දු පිටියට සමුදුන්නු චන්න, තමන් පාපන්දු පිට්ටනියෙන් මිනී පිට්ටනියට වැටෙයි කියල කවදාවත් හිතන්න නැතුව ඇති.
මේ වෙද්දී ජීවිතය යන්තමින්වත් ගැටගහගන්න ලොකු සටනක් කරගෙන යන චන්නට, මේ රස්සාවත් ලැබිල තියෙන්නේ අවුරුද්දක කොන්ත්‍රාත් කාලෙකට විතරයි.
අවුරුදු 16 ක් රට වෙනුවෙන් ක්‍රීඩා කරපු චන්නට අද අත්වෙලා තියෙන ඉරණමේ අපේ රටේ ක්‍රීඩාවේ අනාගතෙත් ලියවිලා තියෙනවා කියලයි අපිට හිතෙන්නේ.
රට වෙනුවෙන් සේවය කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකුට ක්‍රීඩාවෙන් සමුගත්තදාක අත්වෙන ඉරණම දැක්කම, අලුතෙන් බිහිවෙන ක්‍රීඩක පරම්පරාවටත් රට වෙනුවෙන් මෙච්චර නැහෙන්නේ මොකටද කියල සාධාරණ කලකිරීමක් ඇතිවෙන්න පුළුවන්.
ඒ වගේම, ක්‍රීඩාවට එහා ගිය කාරණා මත සමහර පුද්ගලයන් පුහුණුකරුවන් වගේ ක්‍රීඩාවට සම්බන්ධ තනතුරුවලට පත්වෙද්දී චන්නට මේ ඉරණම අත්වෙන්න හේතුවත් හොයල බලන එක වැදගත්.
ඒ වගේම කවදාවත් පාපන්දු පිටියක තණකොළ පයටවත් පෑගුනේ නැති සමහර පාපන්දු බලධාරීන් ලොකු පුටු රත්කරමින් ලොකු පඩි ගන්නකොට, රට වෙනුවෙන් පාපන්දුව මෙහෙයවූ චන්නලා වගේ අය මිනී පිට්ටනිවල තණකොළ කපන එක අපේ රටේ ම ලොකු අවාසනාවක්.
මේ අනාවරණයෙන් පස්සේ හරි චන්න වෙනුවෙන් අපේ රටේ බලධාරීන්ගේ ඇස් ඇරෙනවානම්, ඒක ඔවුන් අපේ රට වෙනුවෙන් ණයක් ගෙව්වා හා සමානයි කියලයි අපිටනම් හිතෙන්නේ.
Loading...

No comments:

Powered by Blogger.