Lanka Net Gossip

ඩලස් ඉල්ලා අස්වෙයි!

Loading...



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රීක් නායකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අද(19) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කරන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් වෙත සිදු වන කෙනිහිලිකම් හේතුවෙන් තමා මෙම තීරණය ගත් බව ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

තනතුරෙන් ඉවත්වීමෙන් පසු වඩාත් හොඳින් ජනතාවට සේවය කිරීමට කැපවන බව මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගෙන් සංවිධායක ධූර ඉවත්කිරීමෙන් සිදුකර ඇත්තේ දේශපාලන බිලිගැනීමක් බවත්, මේවන විට එවැනි බිලි 13ක් ගෙන ඇති බවත් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

පළමුවැනි බිලි ගැනීම සිදුවූයේ මැයි 31වන දින බවත්,එහිදී කෙතරම් එපා කීවද ශ්‍රීලනිපය යටතේ පැවති පළාත් පාලන ආයතන ගණනාවකට කොමසාරිස්වරුන් පත් කළ බවත්,13 වන බිල්ල ලෙස ජ්‍යෙෂ්ඨයින්ගෙන් සංවිධායක ධූර ඉවත්කරනු ලැබූ බවත් ඔහු පෙන්වා‍ දුන්නේය.

විශාල වශයෙන් ජන පදනමක් පවත්නා පුද්ගලයින් පක්ෂ‍යෙන් කපාහැරීම හේතුවෙන් පක්ෂය විනාශ මුඛයට ඇදගෙන යන බවත්,මෙය එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මාතර දිස්ත්‍රීක්කය නියෝජනය කරන මහින්ද යාපා මහතා ජ්‍යෙෂ්ඨත්වයෙන් දෙවෙනි වන්නේ මහින්ද රාජපක්ෂ මහතාට පමණක් බවත්,එවන් ජ්‍යෙෂ්ඨයෙකුට කරන ලද කෙනෙහිලිකම් ඉවසා දිස්ත්‍රීක් නායකයා නමින් රූකඩයක් ලෙසින් තමාට සිටිය නොහැකි බැවින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව අලහප්පෙරුම මහතා අවධාරණය කළේය.

අද දවසේ මාතර නගරයේදී යහපාලන ආණ්ඩුවේ වර්ෂ පූර්ණත්වය සමරනු ලබන්නේද මාතර ජනතාව විසින් මෙම නායකයින් ප්‍රතික්ෂේප කළ නිසා ඔවුන්ට කණේ පාරක් ගැසීමට බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

මෙම රැස්වීමට කෝටි 120ක වියදමක් යන බැවින් එම මුදල් සොයාගන්නේ කෙසේද යන්න පිළිබඳ ආණ්ඩුව ප්‍රසිද්ධ කළ යුතු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Loading...

No comments:

Powered by Blogger.