Lanka Net Gossip

කෝච්චි පාර අවහිර කළ කොන්ක්‍රීට් කණුව අයින් කරන්න ආපු ට්‍රැෆික් රාළහාමිට වෙච්ච අනතුර බලන්නකො

Loading...

වැඩිකළ රුපියල් 25000 දඩ මුදලට එරෙහිව ත්‍රිරෝද රථ රියදුරන් පවත්වන විරෝධතාවය තාමත් ක්‍රියාත්මකයි.
ඔහුන් හලාවත කොළඹ ප්‍රධාන මාර්ගය වගේම පුත්තලම දුම්රිය මාර්ගයත් තාමත් අවහිර කරලා.
දුම්රිය ගමනා ගමනය අවහිර කරන්න විරෝධතා කරුවන් රේල්පාර හරහට කොන්ක්‍රීට් කණුවක් දැම්මා.
ඒක ඉවත් කරන්න ආපු පොලිසියේ අය කොන්ක්‍රීට් කණුව එතැනින් උස්සලා පැත්තකින් තියපු වෙලාවේ තවත් රාළහාමි කෙනෙක්ගේ කකුළ ඒකට යට වුණා.
අද උදේ ඉඳලා පැය ගාණක් තිස්සේ පැවැත්වෙන මේ විරෝධතාවය නිසා දුම්රිය ධාවනය වගේම රථවාහන ධාවනයත් සම්පුර්ණයෙන්ම අවහිර වුණා. මේ නිසාම මාර්ගයේ ඉඩ තබා දෙන්න කියලා විරෝධතාකරුවන්ට නියෝග කරමින් මීගමුව අධිකරණයෙන් නියෝගයක් ද නිකුත් කරලා. ඒ නියෝගය විරෝධතාකරුවන්ට දැනුම් දුන්නත් තවමත් ඒ අය මහා මාර්ගයයි දුම්රිය මාර්ගයයි හරස් කරමින් ඉන්නවා කියලයි විරෝධතාකරුවන් කියන්නේ.

Loading...

No comments:

Powered by Blogger.