ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට වෙඩි තැබූ ත්‍රස්තවාදීහු 6 ක් වෙඩිකා මරුට
Loading...

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට වෙඩි තැබූ
ත්‍රස්තවාදීහු 6 ක් වෙඩිකා මරුට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 2009 වසරේදී ප්‍රහාර එල්ල කළ බවට චෝදනා ලැබූ ලෂ්කාර්-ඊ-ජාන්ග්වි ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් 4 දෙනකු පාකිස්තානු පොලිස් නිලධාරීන් විසින් ලාහෝර් හිදී ඊයේ (28) අලූයම තැබූ වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇතැයි විදෙස් වාර්තා පවසයි.
පන්ජාබ් පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිහිටා තිඛෙන ලාහෝරයේ මානවන් ප්‍රදේශයේදී ත්‍රස්තවාදීන් 7 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් සී.අයි.ඩී.යට පළමුව ප්‍රහාර එල්ල කර තිබේ.
ඉන්පසුව පොලිස් නිලධාරීන්ගේ ප්‍රතිප්‍රහාර හමුවේ ත්‍රස්තවාදීන් සිව්දෙනකු එම ස්ථානයේදීම මරුමුවට පත්වූවද තිදෙනකු පලාගිය බව එරට සී.අයි.ඩී. ප්‍රකාශකයකු සඳහන් කර තිබු‚.
පලාගිය ත්‍රස්තවාදීන් සොයා එම අවස්ථාවේදීම විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි එරට වාර්තා සඳහන් කළේ ය.
මියගිය ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලාහෝරයේදී ප්‍රහාර එල්ල කළ සුබයිර් හෙවත් නයික් මුහම්මද්, අබ්දුල් වහාබ්, අද්නන් අර්ෂාද් සහ අටිකාර් රෙහ්මාන් ලෙසට හඳුනාගෙන ඇත.
මියගිය ත්‍රස්තවාදීන් සතුව තිබූ ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය තොගයක් ද පාකිස්තානු පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් තහනම් සංවිධානයක් වන ලෂ්කාර්-ඊ-ජාන්ග්වි ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් 6 දෙනකුට එරෙහිව පසුගිය ජුනි මාසයේදී ලාහෝරයේ ත්‍රස්ත විරෝධී අධිකරණය විසින් අධිචෝදනා ගොනු කර තිබු‚.
ඒ ඔබයිදුල්ලාහ්, ජාවඞ් අන්වර්, ඊබ්‍රහිම් කලීල්, මුහම්මද් වාහබ් සහ අර්ෂද් යන ත්‍රස්ත සැකකරුවන්ට ය. කෝට් කන්පාට් සිරකඳවුරේ බන්ධනාගාරගත කර සිටි ඔබයිදුල්ලාහ්, අන්වර් සහ කලීල් පසුව ඇප මත නිදහස් විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහෝර් ප්‍රහාරය සිදුකළ මහ මොළකරු බව කියන ලෂ්කාර්-ඊ-ජාන්ග්වි ත්‍රස්ත සංවිධානයේ නායකයා වූ මලික් ඉෂාක් පසුගිය වසරේදී එරට සී.අයි.ඩී. නිලධාරීන්ගේ ප්‍රහාරයකින් මියගොස් තිබු‚.
2009 වසරේදී ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණය වෙත යමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැගත් බසයට ප්‍රහාර එල්ල කරන ලද්දේ ලෂ්කාර්-ඊ-ජාන්ග්වි සහ තලේබාන් ත්‍රස්ත සංවිධාන ඒකාබද්ධව ය.
එවකට කණ්ඩායම් නායකයා වූ මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, අජන්ත මෙන්ඩිස්, තිලාන් සමරවීර, තරංග පරණවිතාන, චමින්ද වාස් මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූහ. ප්‍රහාරයෙන් මෙම කණ්ඩායමට ආරක්ෂාව සැපයූ පාකිස්තානු පොලිස් නිලධාරීන් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
Loading...
No comments: